මැතිසබේ විශ්වාසය ඉම්රාන්ට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 6, 2021

මැතිසබේ විශ්වාසය ඉම්රාන්ට

පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසය දිනා ගැනීමට, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමත්විය. 

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය, මැතිසබේ සහය ඉල්ලා සිටියේ, සෙනෙට් මණ්ඩලයේ අසුනක් ඔවුන්ට අහිමි වුණු බැවිනි. 

පාකිස්තාන පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. සෙනෙට් අසුන අහිමි වූයේ, ඉකුත් සතියේ සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමට, පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසුමෙනි. 

ආසන 342 කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ඡන්ද 178 ක් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට හිමිවුණු බව නිවේදනය කළේ පාර්ලිමේන්තු කතා නායක අසාද් කසීර් ය. 

ඡන්ද විමසුමට පාකිස්තාන විපක්ෂ සංධානය වන 'පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත. ඔවුන් විරෝධය පළ කරමින් ඡන්දය විමසුමට සහභාගී වූයේ නැත. විපක්ෂ සන්ධානය වන 'පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' ට දේශපාලන පක්ෂ 10 ක් අයත් වෙයි. 

ඡන්ද විමසුම පැවැත්වෙද්දී මැතිසබයේ සිටියේ ස්වාධීන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන 'පෂ්තුන් තහ්ෆූස්' පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණි.

ඒ අනුව සෙනෙට් අසුන අහිමි වුවත්, බලය තහවුරු කර ගැනීමට ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාලක 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයට හැකියාව ලැබෙනු ඇත. 

පසුගිය සතියේ පැවැති ඡන්ද විමසුමෙන් 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයට අහිමි වූයේ අබ්දුල් හාෆේස්ගේ සෙනෙට් අසුනය. 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අබ්දුල් හාෆේස් පාකිස්තාන මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරයි. 

රොයිටර්

Classified_Ad