දත් පිරිසුදු නම්, හදවත හොඳින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 6, 2021

දත් පිරිසුදු නම්, හදවත හොඳින්

මුඛ සෞඛ්‍ය ගැන වැඩි අවදානයක් යොමු කරමින්, දත් හොඳින් මැද පිරිසුදුව තබා ගන්නේ නම්, එමගින් හදවත නිරෝගී වන බව ඔබ දැන සිටියද ? 

‘දිනකට දෙවරකන් හෝ තුන්වරක් දත් මදිමින්, දත් නිරෝගීව තබා ගන්නවා නම්, රුධිර වාහිනී හෝ හෘදය සම්බන්ධයෙන් ගැටලු මතු වෙන්නේ නැහැ.’ යැයි ‘හෘද රෝග පිටුදැකීම’ සම්බන්ධයෙන්, යුරෝපා වෛද්‍යවරුන් දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණයක් ඇසුරින් සැකසුණු අධ්‍යයන වාර්තාවක සඳහන් වෙයි. 

වයස අවුරුදු 40 ත් 79 ත් අතර, 1,61,286 ක පිරිසක් මෙම අධ්‍යයනයට සම්බන්ධ කර ගැණුනි. 

වසර 10 ක දීර්ග කාලයක් තිස්සේ අධ්‍යයනය සිදු විය. අධ්‍යයනයට සම්බන්ධ කර ගැණුනේ හෘදයාබාධ, හෘද රෝග හෝ රුධිර වාහිනී සම්බන්ධයෙන් හෝ කිසිදු රෝගී තත්ත්වයක් නොමැති නිරෝගී පිරිසකි. අධ්‍යයනය ආරම්භ කෙරුණේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට සම්බන්ධ කිරීමෙන් පසුවය.

ඉන්පසු සතියෙන් සතිය, මාසයෙන් මාසය, වසරෙන් වසර, මොවුන් සැමදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ කර ගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ. ඒ අනුව, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලීම සිදුවිය. මුඛ සහ දන්ත සෞඛ්‍ය සඳහා වැඩි අවධානයක් යොමු විය. 

කායික රෝග, හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් මෙම අධ්‍යයනයට සම්බන්ධ වූයේ දත්ත වෛද්‍යවරුන් ද හවුල් කර ගනිමිනි. අධ්‍යයනයට සම්බන්ධ කරගත් 1,61,286 දෙනාගේ දෛනික කටයුතු සිදුවන ආකාරය සහ ඔවුන්ගේ ජීවන රටා අධ්‍යයනය කෙරුණි. 

අධ්‍යයනය වසර 10 ක් තිස්සේ සිදු කළ අතර, අධ්‍යයනයට සම්බන්ධ වූ 4,911 දෙනකු රුධිර වාහිනී ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට ගොදුරු වුණු අතර, 7,971 දෙනෙක් හෘදයාබාධවලට ලක් වූහ. 

කෙසේ නමුත්, දිනපතා දෙවරක් හෝ තුන්වරක් දත් හොඳින් මැද දත් පිරිසුදුව තබා ගත් අයගේ රුධිර වාහිනී අශ්‍රිත රෝගී තත්ත්වයක් හෝ හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් දක්නට නැත. එපමණක් නොවෙයි, එසේ වීමේ අවදානම ද සියයට 10 කින් පහළ ගොස් ඇති බව වෛද්‍ය කණ්ඩායම තහවුරු කරගෙන තිබේ. 

මාසයකට වරක් හෝ මාස කීපයකට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු හමුවට ගොස් දත් පිරිසුදු කරගත් බොහෝ දෙනා රුධිර වාහිනී ආශ්‍රිත රෝගී තත්ත්වයන් හෝ හෘද රෝගී තත්ත්වයන්ට හෝ ලක් නොවුණු බව ද පැහැදිලි විය. දත් නරක් වීම, දත් ගලවා දැමීම හදවත ලෙඩ කරන බව තහවුරු විය. 

මුඛයේ දත් අඩු නම්, එය හෘදයාබාධවලට අත වැනීමකි. එසේ වන්නේ, තවත් සාධක කීපයක් සමඟය. ඔබේ වයස, දිනපතා ව්‍යායාම අඩුවීම, පමණ ඉක්මවා මත්පැන් භාවිතය, ශරීර ස්ථුලතාවය සහ අධිරුධිරපීඩනය එම සාධක වෙයි. 

‘ද වීක්’ හෙල්ත්

Classified_Ad

Classified_Ad_News_Bottom