කටාරයේ වැටුප් වැඩි කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 30, 2021

කටාරයේ වැටුප් වැඩි කරයි

කටාර් රාජ්‍යයේ සේවය කරන සියළුම සේවකයන්ගේ අවම වැටුප, රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, කටාර් කාර්යාලය නිවේදනය කරයි. එය ශ්‍රී ලංකා කටාර් තානාපති කාර්යාලය ද සහතික කර තිබේ. 

ඒ අනුව, විදේශ ශ‍්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප‍්‍රථම රට, කටාර් රාජ්‍යය වනු ඇතැයි ද විදේශ රැකියා අමාත්‍යංශය පැහැදිලි කරයි. 

අවම වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදය කටාර් හි සේවය කරන සියළුම විදේශ ශ‍්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන් ද ඊට ඇතුලත් වෙයි. 

පසුගිය වසරේදී, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය සමඟ කටාර් රාජ්‍ය සම්පාදනය කරගත් කම්කරු නීතිරීතිවලට අනුව, අවම වැටුප ගෙවීම සම්බන්ධව සේවායෝජකයන්ට ඊට සූදානම් වීම සඳහා මාස හයක කාලසීමාවක්ද ලබා දී තිබුණි. 

කටාර් රාජ්‍යයේ කම්කරු නීතිරීතිවලට අනුව කිසිදු විදේශ ශ‍්‍රමිකයකුට වෙනස් කොට සැලකීමකින් තොරව සමාන අයිතිවාසිකම් භුක්ති විදීමට ඉඩ පහසුකම් එරට රජය විසින් සලසා දී තිබේ. 

අවම වැටුප කටාර් රියාල් 1000 ගෙවීමට අමතරව සේවකයන්ට නවාතැන් හා ආහාර පහසුකම් ලබාදිය යුතු අතර එසේ එම පහසුකම් ලබානොදෙන්නේ නම් ඊට පිළිියම් ලෙස ආහාර සඳහා රියාල් 300ක් ද, නවාතැන් සඳහා රියාල් 500ක් වශයෙන් අමතර ගෙවීමක් ද සේවකයාට ලබාදිය යුතුය.

Classified_Ad

Classified_Ad_News_Bottom