පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 26, 2021

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

ලකුණු 375 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම තරගය නිමා වනවිට පසුවූයේ කඩුලු 4ක් දැවී ලකුණු 236 ක් ලබා ගනිමිනි. එහිදී ක්‍රමා බොනර් නොදැවී ලකුණු 113ක් ලබාගැනීමට සමත් විය. 

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 271 ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 169 ලබාගත් අතර දෙවන ඉනිමේ දී ලකුණු 476ක් ලබා ගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 476ක් රැස් කළේය. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක ලකුණු 103ක් ලබා ගත්තේය. 

මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක පත්විය.

Classified_Ad

Classified_Ad_News_Bottom