ඇස්ට්‍රාසෙනකා ඉන්දියානුවන්ට පමණයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 26, 2021

ඇස්ට්‍රාසෙනකා ඉන්දියානුවන්ට පමණයි

අප්‍රේල් පළමු වැනිදා සිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වය දී ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. 

එහෙයින්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත අපනයනය තාවකාලිකව නවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත අපනයනය මැයි මාසය තෙක් නවතා දැමෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

ඉන්දීය රජය මෙම තීරණය ගත්තේ එරට දෛනික කොරෝනා ආසාදිතයන් ගණන යළි වේගයෙන් ඉහළ යෑම නිසාය. 

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 52,000 පසු කළ බවත් මරණ 275 ක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි. 

රට තුළ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්, ලබන අප්‍රේල් 1 වැනිදා සිට අවුරුදු 45 ට වැඩි සෑම ඉන්දියානුවකුටම එන්නත් ලබා දීම සිදුවෙයි. 

ඉන්දියානුවන්ට එන්නත් දෙකක් ලබා දීම සිදුවන අතර, එ් අතරින් ප්‍රධාන එන්නත වන්නේ පූනේ නුවර, සේරම් ආයතනය නිපදවන මෙම 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 

අනෙක් එන්නත වන්නේ 'භාරත් බයෝටෙක්' ආයතනය නිපදවන 'කොවැන්සින්' එන්නතය. 

මෙය සියයට 100 ක් ඉන්දීය නිෂ්පාදනයක් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇතුළු මැති ඇමැතිවරුන් ලබා ගෙන ඇත්තේ මෙම එන්නතය. 

ඉන්දියාව මේ වනවිට රටවල් 76 කට එන්නත් මාත්‍රා මිලියන 60 ක් අපනයනය කර ඇති අතර, එයින් වැඩි ප්‍රමාණය 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 

'කොවැන්සින්' එන්නත මිලදි ගැනීමට තීරණය කළ රටවල් ගණන 3 ක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්' වැඩසටහන යටතේ දිළිදු රටවලට ප්‍රදානය කරන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' ය. 

ශ්‍රී ලංකාවේ අපට, ඉන්දීය රජයේ 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන හරහාත්, පසුව 'කොවැක්' වැඩසටහන හරහාත් ලැබුණේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom