මේ වෙලාවේ රට වහන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Apr 23, 2021

මේ වෙලාවේ රට වහන්නේ නෑ

මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද පැහැදිලි කළේය.

ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. 

 සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය. 

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි. 

අවුරුදු සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී යුද හමුදාපතිවරයා පොදු ප්‍රවාහන සේවාවල ද වැඩි වශයෙන් පිරිස් ගමන් කිරීම ආදියත් මෙයට හේතු වූ බව සඳහන් කළේය. එබැවින් ඉදිරි දිනවලදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad