සැර වයිරස සෙවීමේ උපකරණ අද හෙටම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 23, 2021

සැර වයිරස සෙවීමේ උපකරණ අද හෙටම

ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වයිරස් ප්‍රභේද පහක් ශ්‍රී ලංකාවේ පවතින්නේ දැයි සොයා බලා දැනගැනීමට අවශ්‍ය වන විශේෂිත PCR උපකරණ කට්ටලයක් ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජවන්දර මහතා කියයි.

ලෝකය පුරා දැනට පැතිර පවතින එංගලන්ත ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය හා බ්‍රසීල ප්‍රභේදය වැනි වෙනස් විකෘති ප්‍රභේද තිබේදැයි හඳුනා ගැනීම මේ පරීක්ෂණයේ අරමුණ යයිද ඔහු කීය. 

පරීක්ෂණය ලබන අඟහරුවාදා අරඹන බවත් අනෙක් පරීක්ෂණ වලට වඩා රුපියල් 500ක මුදලක් මේ සඳහා අමතරව වැය වන බවත් ඒ මහතා කීය. 

මේ නව පරීක්ෂණය මගින් ඉහත ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැයි කී චන්දිම ජවන්දර මහතා ලංකාවේ පැතිරෙන මෙරටට ආවේණික ප්‍රභේද තිබේ දැයි හඳුනා ගැනීමට භාවිතා කරන්නේ වෙනත් ක්‍රමවේදයක් යැයි ද සඳහන් කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom