![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6140E58gMMEDfka7l1dAupb6rwMcMAB-X_UvcHJPlk3HnMT2OjvTFExr8nEXjk7PExcdLhoVe3Hs2KIfZME422A8IrtApeiuDAyu4Nw5Iarn_IEI7R6eI2FDq60dhEo_dt-kryBbyE2PM/s16000/Aus-Drone-2021-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUm9gqBEtm9zd48U0dF98IDsyiVwlSOKBLh62xWzYOUGGEaTQ7HFAK8I9jWz8v34DUSZhy7ySZGRKG-wYckeCdGehJGJTivfqWcul_Lu7Ll8cXhY4th8spxSvdDpucWlvewqSbfDJfMFpn/s16000/Aus-Drone-2021-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwDor_GFE_z2W7fk2qSL2NLR55Ut4-4AxkRPxN4QOl8SGwauEhBOMLQcKvHOAkrafxE40gdoNa_kQeIR6-1t2I_inQELrrnrXL-ygS16S9AqWRC9Q_4E09Qr13gcMF7WKz1sqiiHpBfXLb/s16000/Aus-Drone-2021-03.jpg)
අපරාධ සහ සමුද්‍රීය මිනිස් ජාවාරම මැඬලීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ඒකාබද්ධ ආයතනවල කාර්යසාධක බළකාය ශ්‍රී ලංකා පොලිසියට අධිතාක්ෂණික ඩ්‍රෝන යානා පහක් කර ඇත.
මේ වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවයක් පැවැත්වුණු අතර කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට දෙරටේ නිලධාරීහු පිරිසක් රැස්ව සිටියහ.
ඔස්ට්‍රේලියාවේ ඒකාබද්ධ ආයතනවල කාර්යසාධක බළකාය අණදෙන රියාර් අද්මිරාල් මාර්ක් හිල් මහතා ශ්‍රී ලංකා පොලිසියට මෙම අධිතාක්ෂණික ඩ්‍රෝන යානා පරිත්‍යාග කළේය. එය සංකේතවත් කරමින් රියාර් අද්මිරාල් මාර්ක් හිල් මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සමරු තිළිණයක් පිළිගැන්වීය.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ මූලිකත්වයෙන් කරන ලද මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ගෞරවයක් යැයි මෙහිදි අදහස් දැක්වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කීය.
ඔස්ට්‍රේලියානු මෙම අධිතාක්ෂණික ඩ්‍රෝන යානා තොගය ශ්‍රී ලංකාවේ පොලිසියේ තාක්ෂණික හැකියා වැඩිදියුණු කිරීමට අංශ කිහිපයකින්ම යොදාගත හැකි බව මෙහිදි අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරී රොබ් විල්සන් මහතා පැවැසීය.