බයිඩන්ගෙන් මෝදිට ඇමතුමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 27, 2021

බයිඩන්ගෙන් මෝදිට ඇමතුමක්

‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඉන්දියාවට අවශ්‍ය ආධාර ලබා දීමට තමන් සැදී පැහැදී සිටින බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකනන ඇමතුමක් ලබා දෙමින් පවසා තිබේ. 

ඉන්දියාව කවදත් ඇමෙරිකාවේ සමීපතම මිතුරා බවත්, ඉන්දියාව අමාරුවේ වැටුණු වෙලාවක ඉවත බලා ගැනීම කළ නොහැකි බවත් ඇමෙරිකාවේ පූර්ණ සහාය ඉන්දියාවට හිමිවන බවත් ජෝ බයිඩන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ද පවසා ඇත. 

“ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මා ඇමැතුමක් දුන්නා. ඇමෙරිකාවේ පූර්ණ සහාය ඉන්දියාවට ලැබෙන බවට මා පොරොන්දු වුණා. කොරෝනා වසංගතයට එරෙහි සටනට අවශ්‍ය සියලු දේ ඉන්දිවට ලබා දෙනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමෙන් පසු, ඔහු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර පැවැති දෙවැනි දුරකතන සංවාදය මෙයයි. 

ඔක්සිජන් නොමැතිව මරණ මංචකයේ සිටින ඉන්දියානුවන්ට අවශ්‍ය ඔක්සිජන්, කොරෝනා ආසාදනය වැළැක්වීමට නිපදවන එන්නත් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය විශේෂ ආරක්ෂිත ඇඤුම් කට්ටල ආදිය අඩංගු ආධාර තොගයක් ඉන්දායාවට පිටත් කර යැවීමට ද ඇමෙරිකාව කටයුතු කර තිබේ. 

ඉදිරි දින කීපයේ දී ඒ සියලු ආධාර ඉන්දායාවට ලැබෙනු ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom