පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 28, 2021

පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය

රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රිම ස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 

මුවට මුව තබා කෘත්‍රිම ස්වසන දෙමින් තම සැමියා බේරා ගන්න වෙර දරන මේ කාන්තාව රේණු සිංගාල් නැමැත්තිය යැයි ඉන්දියාවේ NDTV පුවත් නාළිකාව පෙන්වා දෙයි. 

මෙම කාන්තාව සහ සැමියා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි වැසියන්ය. රේණු සිංගාල් ට සිය සැමියා රවී සිංගාල්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණු බවත් ඔහු ත්‍රී රෝද රියේදීම අවසන් සුසුම්හෙලූ බවත් එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව වැඩිදුරටත් වාර්තා කරයි.

NDTV

Classified_Ad