හොඳම නිළිය ගැන චීන මාධ්‍ය නිහඬයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 26, 2021

හොඳම නිළිය ගැන චීන මාධ්‍ය නිහඬයි

93 වැනි ඔස්කර් සිනමා සම්මාන උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ අධ්‍යක්ෂවරියකි. ඔස්කර් සිනමා සම්මාන උළෙලකදී, කාන්තාවක හොඳම අධ්‍යක්ෂිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙයයි. 

පළමු වරට අධ්‍යක්ෂකවරියක් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ 2010 වසරේදීය. ඒ, කැතරීන් බිගලෝ ය. කැතරීන් බිගලෝ ට එම සම්මානය හිමිවූයේ 'හාට් ලොකර්' චිත්‍රපටය වෙනුවෙනි. 

මෙවර කොරෝනා වසංගතය මැද චාම් අයුරින් පැවැති 93 වැනි ඔස්කර් සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරිය ලෙස සම්මානය දිනා ගත්තේ චීන සම්භවයක් ඇති ඇමෙරිකානු සිනමාකාරියකි. 

ඇය 39 හැවිරිදි  ක්ලෝවී චාව් ය. ආසියානු සම්භවයක් ඇති අධ්‍යක්ෂවරියකට ඔස්කර් සම්මානයක් හිහිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. එමපණක් නොව, චීන ජාතික අධ්‍යක්ෂකවරියකට ඔස්කර් සම්මානයක් හිමිවුණු පළමු අවස්ථාව ද මෙයයි. 

ක්ලෝවී චාව් ලැබූ ජයග්‍රහණයට බටහිර රටවලින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණත්, චීන මාධ්‍යවලින් ඒ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළ කර නැත. චීන මාධ්‍ය ක්ලෝවී චාව් සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. 

ක්ලෝවී හොඳම අධ්‍යක්ෂවරිය වූයේ 'නොමැඩ්ලෑන්ඩ්' Nomadland චිත්‍රපටය වෙනුවෙනි. මෙම චිත්‍රපටය පසුගිය මාර්තුවේ පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උලෙළේ දී ද කැපී පෙණුනු අතර, එම අවස්ථාවේ දී ක්ලෝවී චීන රජය විවේචනය කරමින් මාධ්‍ය හමුවේ කළ අදහස් දැක්වීම්, චීන මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුණි.

ක්ලෝවී චාව්ගේ ඔස්කර් ජය සම්බන්ධයෙන් චීන රජය සහ ඊට කීකරු මාධ්‍ය නිහඬ පිළිවෙතක් පුවත් වාරණයක්  සිදු කර ඇත්තේ ක්ලෝවී චාව් චීන රජය විවේචනය කරන සිනමාකරුවකු බැවින්ය. 

පහළින් ඇත්තේ 'නොමැඩ්ලෑන්ඩ්' Nomadland චිත්‍රපටයේ ප්‍රචාරක පටයයි.

ක්ලෝවී මේ වනවිටත් මාවල් චිත්‍රාගාරය සමඟ එක් වී මාවල් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සිටින්නීය. ඒ, 'ද ඉටර්නල්ස්' Eternals චිත්‍රපටයයි. 

NDTV සහ Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom