![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPpUp6PRA7bpbVRD3ytkD-OPjsMY7UvOyisJiuXyGmk2a9XSSRK_T3QO1GSBWuOfztnzedYJ3-OACQuIF-Kl2_jjlQC69Ynaj8MEXgKQhAhxJqdX6xtB0F4cGJiwkGXRMiAofvfrhgKZFg/s16000/IPL-2021-Chennai.jpg)
'කොවිඩ් 19' වසංගතය මැද ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භ විය. ඉන්දියාවේ මේ වනවිට දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි.
තරගාවලියේ මංගල තරගය, චෙන්නායිහිදී පැවැත්වූයේ වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරේය.
ඒ.බී.ඩිවිලියර්ස්ගේ (48) පිතිහරඹයත්, හර්ෂල් පතෙල්ගේ (27/5) දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලු 2ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රෝහිත් ශර්මා නායකත්වය ලබා දෙයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ විරාත් කෝලි ය.
NDTV