එමිරේටය සමග අවබෝධතා ගිවිසුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 10, 2021

එමිරේටය සමග අවබෝධතා ගිවිසුම්

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යය අතර බලශක්ති අවබෝධතා ගිවිසුමක් අත්සන්කර තිබේ. 

බලශක්ති අමත්‍යාංශය සඳහන් කළේ, මෙරට එක්සත් අරාබි එමීර් රජ්ය්යේ තානාපති කාර්යාල ප්‍රධානී හුමේදි දාවිෂ් අල් තමේමි මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර පසුගිය පැවති හමුවකදී මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබුණු බවය. 

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව සෘජුවම බොරතෙල් ආනයනය කිරීම, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම සහ ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය ලබාගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom