පිලිප් කුමරුන්ගේ සමු ගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 9, 2021

පිලිප් කුමරුන්ගේ සමු ගැනීම

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි. 

දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බර්ග් ආදිපාදවරයා ද වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. 

පසුගිය මාර්තු මාසයේ පිලිප් කුමරු රෝහල්ගත කෙරුණු අතර, ඔහු මාසයක කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ බව මාධ්‍ය වාර්තා කළේය. 

අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී පිලිප් කුමරු සිට ඇත්තේ වින්ඩ්සොර් මාලිගයේය. පිලිප් කුමරු රෝගාබාධ කීපයකින් පීඩා විදි අයෙකි. ඔහු හදවත් රෝගියකු ද විය. 

'පිලිප් කුමරු බ්‍රිතාත්‍ය තරුණ තරුණියන්ට පන්නරයක් වූ අයෙක්. මහ රැජිනට සහාය වෙමින් බ්‍රිතාත්‍ය රජ පවුලේ නියමුවා ලෙස කටයුතු කළේ ඔහුයි.' යැයි ඩවුනිං විදියේ හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් බ්‍රිතාත්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය.

ස්කොට්ලන්ත නායිකා නිකොලා ස්ටෲජන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එඩින්බර්ග් ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුගේ අභාවය ඇසීමෙන් ඇය ශෝකයට පත් වුණු බවය.

'මා පෞද්ගලිකවත්, ස්කොට්ලන්ත වැසියන් වෙනුවෙනුත් එඩින්බරෝ ආදිපාදවරයාගේ අභාවය සම්බන්ධයෙන් මහ රැජිනටත් රජ පවුලේ සාමාජිකාවන්ටත් සොව පළ කරන්න කැමතියි.' යැයි ස්කොට්ලන්ත නායිකාවගේ ට්විටර් පණිවුඩයේ සදහන් වෙයි. 

මීට අමතරව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද ඇතුළු රාජ්‍ය නායකයන් පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කර තිබේ. 

පිලිප් කුමරු සහ එලිසබත් කුමරිය අතිනත ගත්තේ 1947 වසරේදීය. එලිසබත් කුමරියට කිරුළ හිමිවුයේ ඊට වසර පහකට පසුවය. බ්‍රිතාත්‍ය රජ පරපුරේ දීර්ඝ කාලයක් කිරුළ දරා සිටින තැනැත්තිය වන්නේ ද එලිසබත් මහ රැජිනය. 

එලිසබත් මහ රැජිනගේ වයස අවුරුදු 94 කි. 

පිලිප් කුමරු සහ දෙවැනි එලිසබත් මහ රැජිනට දරු දැරියෝ සිවු දෙනෙක් සහ මුණුබුරු මිණිබිරියෝ අට දෙනෙක් ද මී මුණුබුරු මී මිණිබිරියෝ 10 දෙනෙක් ද වෙති. 

පිලිප් කුමරු උපන්නේ 1921 ජූනි 10 වැනිදා ග්‍රීසියට අයත් කෝෆූ දූපතේය. 

පිලිප් කුමරුන්ගේ පියා ග්‍රීසියේත් ඩෙන්මාර්කයේත් රජු වූ ඇන්ඩෲ කුමරුය. පිලිප් කුමරුන්ගේ මව ඇලිස් කුමරියයි. ඇය ලුවී මවුන්ට්බැටන් ආදිපාදවරියගේ දියණිය මෙන්ම වික්ටෝරියා රැජිනගේ මී මිණිබිරියකි.

BBC

Classified_Ad