අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 22, 2021

අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා

sample-ad-complete-big
54182462_303
අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින් ඔක්සිජන් නිර්මානය කර ගැනීමට අඟහරු ග්‍රහයාට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානය සමත් වී ඇතැයි නාසා කියයි. 

අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙය යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ මහත් ආඩම්බරවෙනි. 

‘පර්සිවියරන්ස්’ යනු රෝද හයකින් සමන්විත රොබෝ රෝවර් යානයකි. මෙම යානය අඟහරු මතට පතිත කළේ පසුගිය පෙබරවාරියේය. මෙය අති නවීන තාක්ෂණයෙන් නිපදවන ලද උපාංග රැසකින් සමන්විත වෙයි.

කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීමට, ‘මොක්සි’ යන කෙටි නමින් විශේෂ උපාංගයක්, ‘පර්සිවියරන්ස්’ රෝවරයට සවි කර තිබේ. මෙම උපාංගය ප්‍රමාණයෙන් කාර් බැටරියක් නැතිනම් ටෝස්ටරයක් තරම්ය.

‘මොක්සි’ ගැන නාසා විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ මෙසේය. ‘මොක්සි’ උපාංගය ගසක් වැනියි. ගසක ප්‍රභාසංස්ලේෂණය සිදුවන අයුරින් කෘත්‍රිමව ‘මොක්සි’ උපකරණයෙන් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනිමක් සිදුවී ඔක්සිජන් නිපදවෙයි.' 
2094456863_rc2n0n99vtkt_14966767
‘මොක්සි’ (Mars Oxygen ISRU Experiment) යන නමින් නම් කළ උපාංගය

‘මොක්සි’ නිපදවා ඇති ඔක්සිජන් ප්‍රමාණය ග්‍රෑම් පහක් තරම් සුළු ප්‍රමාණයකි. එය ගගනගාමියකුට ප්‍රමාණවත් වන්නේ මිනිත්තු 5 ක් වැනි කෙටි කාලයකට පමණක් යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. 

අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ වායුගෝලයේ සියයට 95 ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් ය. 

අනාගතයේ මිනිසුන් අඟහරු යැවීමට පමණක් නොව, අඟහරු මතුපිට ජනාවාස ඉදිකිරීමට ද නාසා සුදානම් වෙයි. ඊට පෙරමග සැකැසීමක් ලෙස මෙසේ ඔක්සිජන් නිපදවීම සිදුවිය.

NASA ඇසුරිනි

Classified_Ad