දිල්ලියේ මරණ 1,000 ක් අතුරුදන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 27, 2021

දිල්ලියේ මරණ 1,000 ක් අතුරුදන්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කොරෝනා ආසාදතය වී මියගිය දහසකට වැඩි දෙනකුගේ විස්තර, කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවත්, නවදිල්ලියේ කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගන්නා බවත් NDTV පුවත් නාළිකාව අනාවරණය කර තිබේ.

NDTV නාළිකාවට අනුව, කොරෝනා ආසාදනය වී මියගිය 1,150 දෙනකු කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නැතැයි පැවැසෙන්නේ බලධාරීන් ඒ ගැන නොසලකා හැර ඇති බැවිනි.

මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආදාහනාගාර මියගිය කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත්, ආදාහනාගාරවල මළසිරුරු මිහිදන් කිරීමට පවා ඉඩක් සොයාගත නොහැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom