එන්නත් විශ්වාස කරන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 27, 2021

එන්නත් විශ්වාස කරන්න

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සින්’ එන්නත් අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙසත්, කොරෝනා වසංගතයට ඇති එකම පිළියම එන්නත් ලබා ගගැනීම බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති. 

‘කොවිෂීල්ඩ්’ යනු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත නිපදවන්නේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ආයතනයයි. ‘කොවැක්සින්’ යනු ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවන කොරෝනා වළක්වන එන්නතය. 

මෙම එන්නත සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයක් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් ලබා ගෙන ඇත්තේ ද මෙම ‘කොවැක්සින්’ එන්නතය. 

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඉන්දියානුවන් ද ආසාදිතයන වන බව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව ද වාර්තා වේ. 

වයිරස ව්‍යාප්තිය නැවැතිය හැක්කේ එන්නත් ලබා ගැනීමෙන් පමණක් යැයි ඉන්දීය කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බලකායට සම්බන්ධ ප්‍රධාන වෛද්‍ය වී.කේ. පෝල් අවධාරණය කර තිබේ. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom