දුර්ලභ පැළෑටි විශේෂයක්‌ හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 22, 2021

දුර්ලභ පැළෑටි විශේෂයක්‌ හමුවෙලා

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් ද සොයා ගැනීමට හැකිවුණු බව පර්යේෂකයෝ කියති. 

Henckelia Wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෑලෑටි විශේෂය පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය විසින් 2016 වර්ෂයේදී ගාල්ල හිනිඳුම ප්‍රදේශයේදී සිදු කළ ගවේෂණයකදී පළමුවෙන් හඳුනා ගැනීම සිදුවුණු බව පැවැසෙයි. 

ඉන්පසු මෙම පෑලෑටි විශේෂය මෙරට වෙනත් කිසිදු තැනතික් වාර්තා වී නැති හෙයින්, හිනිඳුම ප්‍රදේශයෙහි ස්ථානීය ආවේණිකත්වයක් සහිත පෑලෑටියක් ලෙස හඳුනා ගෙන තිබුණ ද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේශක පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම පැළෑටිය නාවලකන්ද ප්‍රදේශයේදී සොයා ගනු ලැබීමෙන් ද පසුව පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා මෙම පෑලෑටිය Henckelia Wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාක විශේෂය බව හඳුනා ගත් බව වාර්තා වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom