අද ලෝක මිහිතල දිනය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 22, 2021

අද ලෝක මිහිතල දිනය

අද (22) ලෝක මිහිතල දිනය යි. ‍‍

ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, සෑම වසරකම අපේ‍්‍රල් මස 22 වන දින සමරනු ලැබේ. 

මෙවර මිහිතල දිනයේ තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට යමු' ය. 

පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්‍යතාවය පෙන්වා දීමට මිහිකත දිනය ආරම්භ වූ අතරම අද ඒ තුළින් මිහිතලය සුරැකීම හා තිරසාර පැවැත්වීමේ අත්‍යාවශ්‍යතාවය පෙන්වා දෙනු ලබයි. ‍‍

රටවල් බොහෝ සංඛ්‍යාවක් සමරන මිහිකත දිනය සඳහා නව ගස් රෝපණය කිරීම ප්‍රමුඛතාවක් ගනියි. 

පරිසර දූෂණයේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ලෝක ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

Classified_Ad

Classified_Ad_News_Bottom