ඉන්දියාවේ තත්ත්වය අන්තිම නරකයි - WHO - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 27, 2021

ඉන්දියාවේ තත්ත්වය අන්තිම නරකයි - WHO

<
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් එය වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. 

‘මේ වනවිට ඉන්දියාවේ සෑම නගරයක සෑම රෝහලක්ම, ආදාහනාගාරයක් ම පිරී ගොස් ගිහිල්ලා. ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීම නිසා රෝහල්වල මළ සිරුරු ගොඩ ගැසීමටපටන්ගෙන තියෙනවා. ඉන්දියාව දිනෙන් දින විනාශය කරා ළං වන බවක් පෙනෙනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ පැවැසුවේ දැඩි ලෙස කම්පනයට පත් වෙමිනි.

‘ඉන්දියාවේ තත්ත්වය හදවත කම්පා කරවනවා. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. සෑම මිනිත්තු පහකටම ඉන්දියාවේ එක් කොරෝනා මරණයක් වාර්තා වෙනවා. ඉදිරියේ දී එය අගය තවත් ඉහළ යා හැකියි’ යැයි ලෝකසෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය. 

ඉන්දියාවට අවශ්‍ය සහාය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

AFP

Classified_Ad