ලෙබනනයේ පළමු විදුලි මෝටර් රථය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 28, 2021

ලෙබනනයේ පළමු විදුලි මෝටර් රථය

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයේ, විදුලි බලයෙන් පණ ගැන්වෙන මෝටර් රථයක් එළිදක්වා තිබේ. 

මෙම ඉලෙක්ට්‍රික් මෝටර් කාරය 'ක්වඩ්ස් රයිස්' යන නමින් නම් කර ඇත. මෙය 'ස්පෝට්' කාර් එකක් වන අතර, 'ක්වඩ්ස් රයිස්' යන්නෙහි අර්ථය ජෙරුසලම අරාබි බසින් හඳුන්වන නාමයයි. 

ලෙබනනය මධ්‍යධරණී කලාපීය රටක් වන අතර, මධ්‍යධරණී කලාපයේ රටක මේ අයුරින් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීම සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. 

මෙම මෝටර් රථය නිපදවීමට මැදිහත් වී ඇත්තේ ලෙබනනයේ උපන් පලස්තීන ව්‍යාපාරිකයකු වන ජිහාද් මොහොමද්ය. ලෙබනනයේ තාක්ෂණය යොදා ගනිමින්, ලෙබනනය තුළ නිපදවූ පළමු ඉලෙක්ට්‍රික් මෝටර් කාරය වන්නේ ද මෙයයි.

බීරූට් නුවර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජිහාද් මොහොමද් මෝටර් රථය එළිදැක්වීම කළ අතර මෝටර් කාරයේ මිල ඇමෙරිකන් ඩොලර් 30,000 කි. 

මෝටර් රථය නිපදවීමේ දී අති දක්ෂ ඉන්ජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් 500 දෙනකු ඊට සම්බන්ධ වුණු බව ද 50 හැවිරිදි ජිහාද් මොහොමද් පැවැසීය. ඔවුන් ලෙබනන් වැසියන් සහ පලස්තීන වැසියන් ය.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom