ඇස්ට්‍රාසෙනකා ආයේ භාවිතයට ගන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 17, 2021

ඇස්ට්‍රාසෙනකා ආයේ භාවිතයට ගන්නේ නෑ

රුධිරය කැටි ගැසීම හේතුවෙන්, තමන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය මුළුමනින්ම නවතා දැමූ බව යුරෝපයට අයත් ස්කැන්ඩිනේවියානු රටක් වන ඩෙන්මාර්කය පවසයි.

ඒ අනුව, රුධිර කැටි ගැසීම් ඇතිවීම සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සම්පූර්ණයෙන් නවතා දැමූ පළමු රට ඩෙන්මාර්කයයි. 

ඇස්ට්‍රා සෙනකා එන්නත භාවිතයට ගැනීමේ දී කලාතුරකින් රුධිරය කැටි ගැසීම් ඇතිවෙනවා යැයි මේ වනවිට යුරෝපා ඖෂධ පාලන අධිකාරිය ද තහවුරු කර තිබේ. 

එසේ රුධිර කැටි ඇතිවීම දුර්ලභ තත්ත්වයක් බවත්, ඒ ගැන වද නොවී එන්නත දිගටම ලබා දෙන ලෙසත් වනවිට යුරෝපා ඖෂධ පාලන අධිකාරිය යුරෝපා රටවලට දන්වා ඇත.

එසේ වුවත් යුරෝපා රටවල් කීපයක් එන්නත තාවකාලිකව නවතා දමා ඇත. ඩෙන්මාර්ක සෞඛ්‍ය බලධාරීන් පෙරේදා (15) තීරණය කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය තාවකාලිකව නොව සම්පූර්ණයෙන් ම නවතා දැමීමටය. 

මේ අතර පෙරේදා (15) ඉතාලියෙන් වරණ 4 ක් වාර්තා විය. ඒ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමෙන් යැයි මේ වනවිට සනාථ වී තිබේ. 

ඕස්ට්‍රේලියානුවන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම සිදුවන අතර, එන්නත ලබා ගත් පුද්ගලයකු මියගිය බව එරට මාධ්‍ය අද (17) වාර්තා කළේය. ඒ, රුධිරය කැටි ගැසීමෙනි. කෙසේ නමුත් ඒ බව තවමත් සියයට සියයක් තහවුරු කර නැත.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom