'ෆෝත් බ්‍රිජ්' ක්‍රියාවට නැංවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 10, 2021

'ෆෝත් බ්‍රිජ්' ක්‍රියාවට නැංවෙයි

දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා එඩින්බර්ග් ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුන්ගේ අභාවයත් සමග 'ෆෝත් බ්‍රිජ්' ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ. 

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයන්ගේ අභාවයක් සිදුවුවහොත්, අවමංගල කටයුතු කෙසේ සිදුවන්නේදැයි කල්තියා සැලැසුම් කර තිබේ. 

දෙවැනි එලිසබත් රුජිනගේ අභාවයේදී අවසන් කටයුතු සිදු කිරීම 'ලන්ඩන් බ්‍රිජ්' යනුවෙන් ද චාල්ස් කුමරුන්ගේ අභාවයේදී අවසන් කටයුතු සිදු කිරීම 'මෙනායි බ්‍රිජ්' යනුවෙන් ද නම් කර ඒ සියල්ල කල්තියා සැලැසුම් කර තිබේ. 

'ෆෝත් බ්‍රිජ්' යනු ස්කොට්ලන්ත අගනුවර ඉදිකර ඇති පාලමය. 'ලන්ඩන් බ්‍රිජ්' ලන්ඩන් අගනුවර ප්රනධාන පාලම වන අතර, 'මෙනායි බ්‍රිජ්' යනු වේල්සයේ පාලමකි. 

(මේ සටහන කියවන ඔබ නෙට්ෆ්ලික්ස් 'ක්‍රවුන්' රූපවාහිනී කතා මාලාව නරඹන කෙනෙකු නම් මේ දේවල් ඔබට අමුත්තක් නොවනු නිසැකය.) 
99 හැවිරිදි පිල්ප් කුමරුන්ගේ අභාවයත් සමග පෙර සැලැසුම් කළ පරිදි 'ෆෝත් බ්‍රිජ්' ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 

කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, පිලිප් කුමරුන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස සීමා කිරීමට රජ මාලිගය මෙන්ම එලිසබත් මහ රැජින ද තීරණය කර තිබේ. 

තම අවමංගල කටයුතු චාම් අයුරින් පවත්වන්නැයි පිලිප් කුමරු ඉල්ලීමක් කර තිබේ. පිලිප් කුමරු වෙනුවෙන් රාජ්‍ය අවමංගල උත්සවයක් පැවැත්වෙන්නේ ද නැත. 

ලබන සදුදා (12) සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය හේතුවෙන් පැනැවූ තහංචි ලිහිල් වෙයි. එසේ වුවත්, අවමංගල අවස්ථාවකට සහභාගී විය හැකි ගණන 30 කි.

දෙවන එලිසබත් රැජිනගේ මව (ඇගේ නමත් එලිසබත් රැජින) අභාවප්‍රාප්ත වූයේ 2002 දීය. ඇගේ දේහය 'වෙස්ට්මිනිස්ටර් හෝල්' වෙත ගෙන යනු ලැබුවේ මහජන ගෞරව සදහාය. 

එදා ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඇයට ගෞරව දැක්විමට පැමිණි අතර, තේම්ස් නදිය අසලින් කිලෝ මීටර් ගණනක් දිග පෝළිම් දකින්න ලැබුණි. 

පිලිප් කුමරු නාවික හමුදා නිලධාරියෙකි. පිලිප් කුමරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ, ඔහු වෙනුවෙන් හමුදා අවමංගල උත්සවයක් පවත්වන ලෙසය. එය සිදුවනු ඇත්තේ පිලිප් කුමරුන්ගේ ඉල්ලීම පරිදි ශාන්ත ජෝජ් දෙව්මැදුරේය. 

2018 දී හැරී කුමරු සහ මේගාන් මාකෙල්ගේ විවාහය සිදුවූයේ මෙහිදීය. 

පිලිප් කුමරුන්ගේ අවමංගල උත්සවයට රජ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ පොදු රාජ්‍ය මණ්ඩල රටවල නියෝජිතයන් සහභාගී වනු ඇති නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් සහභාගී කරවා ගන්නා අය සීමා වනු ඇත. 

ශාන්ත ජෝජ් දේවස්ථාන භූමියේ හෝ වෙස්ට් මිනිස්ටර් දේවස්ථාන භූමියේ හෝ තම දේහය මිහිදන් කිරීමට පිලිප් කුමරු අකමැති වී ඇත. 

කුමරුන්ගේ කැමැත්ත අනුව දේහය වින්ඩ්සෝර් මාලිගයේ, ෆ්රොග්මෝ උද්‍යානයේ පිහිටි රාජකීය සුසාන භූමියේ භූමදානය කෙරේ. 

වික්ටෝරියා රැජිනත්, ඇගේ සැමියා ඇල්බට් කුමරාත් මිහිදන් කර ඇත්තේ මෙහිය. වොලිස් සිම්ප්සන් නිසා රජකම අත්හළ අටවැනි එඩ්වඩ්ගේ දේහය මිහිදන් කර ඇත්තේ ද මෙම උද්‍යානයේය.

පිලිප් කුමරුන්ගේ අභාවය නිමිත්තෙන් ජාතික ධජ අඩකුඹු කර තැබේ. 

රාජකීය සාමාජිකයන්ට අයත් ධජ අඩකුඹු කිරීමක් සිදුනොවෙයි. ඒ, රජ පවුලේ කටයුතු බාධාවකින් තොරව සිදුවන බව පෙන්වීමක් ලෙසය. 

රජ පවුලේ සාමාජිකයන් කළු ඇදුමින් සැරසෙනු ඇති අතර, ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පමණක් නොව, බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රධාන වෙබ් අඩවිය ද වෙනස්කම් කීපයකට ලක් වනු ඇති බව පැවැසෙයි. 

 රජ පවුලේ සම්ප්‍රදායට අනුව, රාජකිය සාමාජිකයකුගේ අභාවය සිදුවුවහොත්, අවසන් කටයුතු සිදුවනු ඇත්තේ අභාවයෙන් පසු අටදිනයේය.

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom