හොඳම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 26, 2021

හොඳම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය

ජාතික පර්යේෂණ සභාව වාර්ෂිකව පිරිනමන හොඳම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය දිනාගැනීමට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුළු වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වූහ. 

විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පැවැත්විණි. 

කීර්තිමත් විද්‍යා සඟරාවල 2018 වසරේ දී පළවූ හොඳම පර්යේෂණ පත්‍රිකා සඳහා මෙහිදි සම්මාන පිරිනැමිණි. නව කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ මෙම සම්මාන උත්සවය පැවැත්වුණු අතර උත්සව අවස්ථාවට සහභාගී වූයේ විසි දෙනකුට ආසන්න පිරිසකි. 

හොඳම පර්යේෂණ පත්‍රිතා 100ක් අතරින් තෝරාගත් හොඳම ඒවාට මෙහිදි සම්මාන පිරිනැමුණි. ඒ අනුව හොඳම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුළු වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් 2018 වසරේ දී පළ කළ පර්යේෂණ පත්‍රිකාවට හිමි විය. 

ජාතික පර්යේෂණ සභාව භාවිත කරන එස්.ජේ.ආර්. ශේණිගත කිරීම් (SCImago Journal Ranking (SJR)) පදනම් කරගනිමින් එම සම්මානය පිරිනැමිණි. 

මහාචාර්ය අර්ජුන ද සිල්වා (කැලණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය සේනක රාජපක්ෂ (කොළඹ විශ්ව විද්‍යාලය), වෛද්‍ය ගෝඨාභය රණසිංහ, වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර, වෛද්‍ය වජිර සේනාරත්න, වෛද්‍ය ඩබ්ලිව්. ශාන්තරාජ්, වෛද්‍ය මර්වින් ප්‍රනාන්දු, වෛද්‍ය සේපාලික මෙන්ඩිස්, වෛද්‍ය ජයන්තිමාලා ජයවර්ධන, වෛද්‍ය ජානක මුණසිංහ, වෛද්‍ය නිර්මාලි තිසේරා, වෛද්‍ය සුරේෂ් මෙන්ඩිස්, වෛද්‍ය සංජීව සමරකෝන් යන මහත්ම මහත්මීහු එම පර්යේෂණ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ වූහ. 

ඔවුහු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ගෝලීය සෞඛ්‍ය සඳහා වූ ජෝර්ජ් ආයතනය සමඟ එක්ව එම පර්යේෂණය සිදු කළහ. පර්යේෂණයට අයත් පර්යේෂණ පත්‍රිකාව කීර්තිමත් ජර්නලයක් වන ඇමෙරිකානු වෛද්‍ය සංගම් ජර්නලයේ (JAMA) පළවිය.

Sunday Times

Classified_Ad

Classified_Ad_News_Bottom