කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ රත්නපුර යනාදී ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ සඳහා පෞද්ගලික ඉඩම් පවරාගැනෙන අතර ඉඩම් හිමි දහස් ගණනක ජනතාවට වන්දි ගෙවීමට ද නියමිතය. ඊට අදාළ ගැසට් පත්‍රය ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ නිකුත් කිරීමට නියමිත ය.
ඉඩම් අත්පත් කරගැනීමේ පනතේ 460 වැනි පරිච්ඡේදය ප්‍රකාරව නව රෙගුලාසි නිකුත් කිරීමට නියමිත අතර කලින් නිකුත් කරන ගැසට් පත්‍රයකට සංශෝධන එකතු කිරීමක් ලෙස ඒවා නිකුත් කිරීමට නියමිත ය. කලින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ව්‍යාපෘතිය වෙනම කොටසක් ලෙස ලැයිස්තු ගත කර ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගය, මධ්‍යම (මෙට්‍රෝ) කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සහ දඹුල්ල හරහා කුරුණෑගල සිට හබරනට දුම්රිය මාර්ගයක් ඉදිරි කිරීම නව ව්‍යාපෘතිවලට අයත් වේ.
ලෝක බැංකු ආධාර යටතේ මහනුවර සහ ගාල්ලත්, සංවර්ධන අරමුදල් සඳහා ප්‍රංශ ආයතනය යටතේ අනුරාධපුරයත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මුදල් යටතේ ත්‍රිකුණාමලය, දඹුල්ල, කුරුණෑගල සහ රත්නපුරත් උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන් ලෙස ක්‍රියාත්මක වේ.
අනෙක් ව්‍යාපෘතිවලට රට තුළ තිබෙන උපපොළ සහ සංක්‍රමණ මාර්ග 12ක්, රත්නපුර අධිවේගී මාර්ගය සහ වරාය නගර ඉහළ අධිවේගී මාර්ග ප්‍රසාරණ (දීර්ඝ කරන ලද) ව්‍යෘපතිය අදාළ වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ඒවා ක්‍රියාත්මක වේ.
වන්දි මුදල් ලබාදීමේ කොන්දේසි මුලින් නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පැහැදිලි දක්වා තිබිණි.
ඕනෑම ඉඩමක වෙළෙඳපොළ අගය හෝ ඉඩම් පවරාගැනීම මඟින් සිදුවන ඕනෑමි‘අනර්ථදායක බලපෑම’’ සඳහා වන්දි අදාළ දේපළ (ඉඩම්) පිහිටා තිබෙන ස්ථානයට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පත් කර තිබෙන ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටු මගින් තක්සේරු කරනු ඇත. ඉඩම් පරවාගැනීමෙන් බලපෑමට පත්වන පුද්ගලයන්ට ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටු ක්‍රියාපටිපාටිවලට ඉදිරිපත් කිරීම් කළ හැකි ය.
ඉඩම්වලට ගෙවන මුදල්වලට ප්‍රධාන තක්සේරුකරු තක්සේරු කරන ආදේශ පිරිවැයක් සහ නීතිප්‍රකාර වන්දිය සහ ආදේශකය අතර වෙනසට පාරිතෝෂික මුදලක් (සහන මුදලක්) ද ගෙවයි.
ඉඩම් අතපත් කරගැනීමෙන් පසු යම් කොටසක් ඉතිරි වේ නම් (කෘෂිකාර්මික ඉඩමක් හැර) එය වෙනම ඒකකයක් ලෙස භාවිත කළ හැකි නම් සහ අයිතිකරු එම කොටස තබාගැනීමට කැමැති නම් ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටුව අයිතිකරුට දීමනාවක් ලබාදිය යුතු ය.
ඉඩම් අත්පත් කරගැනීමෙන් පසු ඉතිරි වන කොටස කෘෂිකාර්මික ඉඩමක් නම් සහ එහි වගා කටයුතු කළ නොහැකි නම් එය පවරා ගන්නේ ද නැතහොත් ඒ සඳහා මුදලක් ගෙවන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ද ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටු විසිනි.
එමෙන්ම සාමාන්‍යයෙන් අස්වනු නෙලන කාලය පැමිණෙන තුරු සැලකිය යුතු කාලයක් දිය යුතු අතර එහිදි වෙළෙඳපොළ අගය මත ගෙවීමක් නොකළ යුතු ය.
සියලු පාරිතෝෂිත දීමනා (සහන ගෙවීම්) සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටු ය.
ඉඩම් අයුතු ලෙස අත්පත් කරගෙන ඇති අවස්ථා, කුඹුරු පවරාගැනීම් සහ කුලී/බදු පදනම යටතේ පවතින ඉඩම් සහ ගොඩනැගිලි යනාදිය ආදේශ කිරීම් යනාදිය සම්බන්ධයෙන් කළ යුත්තේ මොනවාදැයි ද අදාළ ගැසට් පත්‍රයේ සඳහන් ය.
ව්‍යාපාර අහිමි වන අවස්ථාවලදී ආකාර දෙකකට මුදල් ගෙවීම සිදු කෙරේ. නිල නොවන ( ආදායම් බදු නොගෙවන) සහ නිල (බදු ගෙවන) වශයෙන් එම ආකාර දෙක ය.
ස්වයං රැකියාවක නිරත වන සහ ආදායම් අහිමි වීම හේතුවෙන් තාවකාලිකවට පීඩාවට/බලපෑමට පත් හෝ ජීවනෝපාය අහිමි වීම නිසා ආදායම අහිමි වීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ද ඉඩම් අත්පත් කරගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කමිටු ය.
අවසාන දිනයට පෙර දේපොළ පවරගැනීම්වලට පෙර බාර දෙන්නේ නම් ඊට ද පාරිතෝෂිකයක් (සහන මුදලක්) ගෙවීමට නියමිත ය.
අත්පත් කරගැනීමේ නිලධාරියා නම් කරන දිනයට පෙර දේපොළ ඉවත් කළ යුතු නම් තාවකාලික නවාතැන් ගැනීම් සහ දේපොළ වෙනත් තැනකට ගෙන යෑමට අදාළව ද මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රයේ තොරතුරු ඇතුළත් වේ.
රජයේ ඉඩම් බලයෙන් පවරාගැනීම් සහ එකම නිවසේ පවුල් කිහිපයක් ජීවත්වීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ගැසට් පත්‍රයේ තොරතුරු ඇතුළත් වේ.
Sunday Times