කේට්ලින් ජෙනර් ආණ්ඩුකාර ධුරයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 26, 2021

කේට්ලින් ජෙනර් ආණ්ඩුකාර ධුරයට

ඔලිම්පික් රන් පදක්කම්ලාභී දශප්‍රයාම ශූරයකු වන කේට්ලින් ජෙනර් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ජනපදයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බව ඉකුත් දා නිවේදනය කෙරුණි. 

කේට්ලින් ජෙනර් උපත ලැබුවේ පිරිමි දරුවක් ලෙස නමුත් පසුකාලීනව කාන්තාවක බවට පත්වූවා ය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ ධුරයට තරග වදින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා වන්නේ ඇය යි. 

කැලිෆෝනියා ජනපදයේ ආණ්ඩුකාර ධුරයට තරග වැදීම සඳහා ඊට අදාළ ලියකියවිලිවලට තමන් අත්සන් තැබූ බව කේට්ලින් ජෙනර් පසුගිය සිකුරාදා (23) ප්‍රකාශ කළාය. 

කේට්ලින් ජෙනර් මේ වනවිට 71 වැනි වියේ පසුවන අතර රිපබ්ලිකන් පක්ෂයෙන් කැලිෆෝනියේ ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට නියමිත ය. ඉදිරි සති කිහිපය තුළ තමන් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන බව කේට්ලින් ජෙනර් සිකුරාදා ප්‍රකාශ කළාය. 

ආර්නල්ඩ් ස්වාසනෙගර් ට පසු කැලිෆෝනියා ජනපදයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරග වදින දේශපාලනික නොවන ඉහළ පෙළේ පුද්ගලයා වන්නේ ද කේට්ලින් ජෙනර් ය. 

හොලිවුඩ් යෝධයකු ලෙස සැලකෙන ආර්නල්ඩ් ශ්වෝර්සනෙගර් 2003 වසරේ දී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් කැලිෆෝනියා ජනපද ආණ්ඩුකාර ධුරයට තරග කරමින් ජයග්‍රහණය කළ අතර වසර හතකට වැඩි කාලයක් එම ධුරය හෙබවීය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom