අයහපත් කාලගුණයෙන් බාධා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 30, 2021

අයහපත් කාලගුණයෙන් බාධා

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ, දෙවැනි දිනයට අයහපත් කාලගුණය හරස් විය.

බංග්ලාදේශ පන්දුයවන්නන්ට යැවීමට හැකි වූයේ පන්දු ඕවර 65.5ක් පමණි. සවස 4.15ට පමණ තරඟය නවතා දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු 469කි. 

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 64යි. රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 22යි. 

ලකුණු 291ට කඩුලු 1ක් ලෙස දිනය ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 140කට දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් (05) සහ ධනංජය ද සිල්වා (02) ට වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ. පැතුම් නිශ්ශංක ලකුණු 30 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ට ලකුණු 81ක් රැස් කිරීමට හැකිවිය.

Classified_Ad

Classified_Ad_News_Bottom