මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් උළෙලට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 30, 2021

මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් උළෙලට

ජිනීවා කේන්ද්‍රකොටගත් 'ක්‍රීඩා බේරුම්කාර' මණ්ඩලයට ඉදිරිපත් කළ අභියාචනය ජය ගැනීමෙන් පසු මැටිල්ඩා කාල්සන් අසුන් පැන්නවීමේ (කාන්තා) ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා සිටින්නීය.

මෙම වසරේ ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා, ජපානයේ ‘ටෝකියෝ’ නුවර දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල (2020) සඳහා ශ්‍රී ලංකාවෙන් නියමිත සුදුසුකම් සහිතව නිර්දේශ ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වනු ඇත්තේය. මැටිල්ඩා කාල්සන්ය. 

ඔලිම්පික් උළෙල ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත තිබුණේ පසුගිය 2020 වසරේ වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් එය මෙම 2021 වසරට කල් දැමුණි. 

අභියාචනය ජයගත් 36 හැවිරිදි මැටිල්ඩා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී යුරෝ මිලියන 6.5ක් තරම් වටිනා සිය අසු මෙහෙයවමින් අසු පැන්නවීමේ (කාන්තා) ඉසව්වට සහභාගිවීමට සූදානම් බව පැවැසෙයි. 

අන්තර් ජාතික තුරඟ ක්‍රීඩා සම්මේලනයට ඇය පළමුව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේපවීමෙන් පසුව ඇය තවත් අභියාචනයක් ජිනීවා ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඇය ජය ගැනීමට සමත් වූයේ එයයි. 

මැටිල්ඩා ශ්‍රී ලංකාවේ උපන් අයකු වූවත්, කුඩා කාලයේ පටන් ඇය හැදී වැඩුණේ ස්වීඩනයේය.

NoelleFloyd.com

Classified_Ad

Classified_Ad_News_Bottom