වසංගතය හමුවේ දැඩි අර්බුදයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 28, 2021

වසංගතය හමුවේ දැඩි අර්බුදයක්

කොවිඩ් වයිරස වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද රටපුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බිය පළ කරයි.

එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. 

සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය දරාගත නොහැකි බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

එම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩිසත්කාර එකකවල ඇඳන් ධාරිතාව සහ පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් ගබඩාවක් තහවුරු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයිම ආදි ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු කියයි.

මේ අතර, කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු ඊයේ (27) සවස් වනවිට ඳුනාගෙන ගැනුනු බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. ඒ අනුව, ඊයේ (27) වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන  1,096කි. මෙරටින් දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය. මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.

Classified_Ad

Classified_Ad_News_Bottom