චීන ආරක්ෂක අමාත්‍යවරයා එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 28, 2021

චීන ආරක්ෂක අමාත්‍යවරයා එයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ ඊයේ ( 27) රාත්‍රියේ මෙරටට පැමිණියේය. 

චීන ආරක්ෂක අමාත්‍යවරයා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළම පාර්ශ්ව සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ. 

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ නිල සංචාරය මෙය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය. 

සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වී ෆෙන්ගේ හෙට (29) යළි චීනය බලා පිටත්ව යනු ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom