හල්ක් කෙල්ල SHE-HULK - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 24, 2021

හල්ක් කෙල්ල SHE-HULK

කොරෝනා වසංගතය හේතුවෙන් මාවල් චිත්‍රපට රිදී තිරයෙන් ඈත් වෙද්දී, මාවල් ටෙලි කතා මාලා අතිශය ජනප්‍රිය වීමට පටන්ගෙන ඇත. එසේ නිර්මාණය වූ ‘වොන්ඩා විෂන්’ සහ ‘ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝල්ජර්’ කතා මාලා දෙකම Disney+ හරහා මේ වනවිට විකාශය වී අවසන්ය. 

‘වොන්ඩා විෂන්’ කතාමාලාව ඉදිරියේ දී නිර්මාණය වීමට ‘ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2: මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස්’ චිත්‍රපටයටත්, ‘කැප්ටන් මාවල් 2’, චිත්‍රපටයටත් ‘S.W.O.R.D’ රූපවාහිනී ටෙලි කතාමාලාවටත් පෙර මඟ සකස් කර ඇති බව මාවල් ලෝලීන්ට නම් අරුමයක් නොවේ. 

‘ෆෝල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්’ අවසන් වූයේ සෑම් විල්මන් (ෆෝල්කන්) කැප්ටන් ඇමෙරිකාගේ පලිහ අතට ගෙන, කළු ජාතික කැප්ටන් ඇමෙරිකා කෙනකු වෙමිනි. ඇමෙරිකාවේ නොනවතින අරගලයක් ලෙස සැලකෙන ‘කළු සුදු භේදය’, ‘සමාජ අසාත්මිකතාව’ ආදී ඇමෙරිකානුවන් පමණක් නොව, ලොව බොහෝ දෙනකු එදිනෙදා මුහුණ දෙන ගැටලු සහ අර්බුද ‘ෆෝල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්’ කතාමාලවට පාදක විය.

‘ෆෝල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්’ අවසන් වූයේ ද තවත් කතාමාලා මෙන්ම චිත්‍රපට කීපයකට ද මඟ සකස් කරමිනි. සෑම් ට පෙර කැප්ටන් ඇමෙරිකා බවට පත් වුණු ජෝන් වෝකර්, ‘යූ.එස්. ඒජන්ට්’ බවට පරිවර්තනය වූ අතර, මුහුද මැද ‘රාෆ්ට්’ බන්ධනාගාරයට යැවුණු සීමෝගේ තවත් වික්‍රම ගැන නරඹන්නන් තුළ කුතුහලයක් ඇති කිරීමට මාවල් නිර්මාණකරුවෝ සමත් වූහ.

ඉදිරියේ දී විකාශය වීමට ඇත්තේ ‘ලොකී’ ටෙලි කතා මාලාවය. නළු ටොම් හිඩ්ල්සන් ‘ලොකී’ගේ චරිතයට පණ පොවයි. ‘ලොකී’ කතාමාලාව Disney+ හරහා විකාශය වනු ඇත්තේ ජූනි 11 වැනිදාය. 

තවත් මාවල් ටෙලි කතා මාලා රැසක් නිර්මාණය වෙමින් පවතින අතර, එයින් එකක් වන්නේ ‘ෂී හල්ක්’ ය. මාවල් චිත්‍රකතාවලට අනුව ෂී හල්ක් බවට පරිවර්තනය වන්නේ ජෙනිෆර් වින්ටර්ස් නමැති තරුණියයි. මාවල් ලෝකයට අනුව, මැය නීතීඥවරියකි. එමෙන්ම බෲස් බැනර්, එසේත් නැතිනම් හල්ක්ගේ ඥාතී සොහොයුරියයි.
හදිසි අනතුරකින් ජෙනිෆර් වින්ටර්ස්ගේ ජීවිතකය බේරා ගැනීමට බෲස් බැනර් ඔහුගේ ගැමා කිරණ මුසු ලේ, ජෙනිෆර් ට ලබා දීම සිදුවෙයි. ජෙනිෆර් වින්ටර්ස්, ෂී හල්ක් බවට පරිවර්තනය වන්නේ එලෙසිනි. 

කෙසේ නමුත් නිෂ්පාදක කෙවින් ෆයිජී ඇතුළු මාවල් කණ්ඩායම, ෂී හල්ක් කතාමාලාවට කෙසේ ආරම්භයක් ලබා දෙනු ඇතැයි මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත. 

ජෙනිෆර් වින්ටර්ස් සහ ෂී හල්ක් ලෙස චරිත නිරූපණය කරන්නේ ටැටියානා මැසනී ය. මේ වනවිට ෂී හල්ක් කතා මාලාවේ රූගත කිරීම් ඇට්ලැන්ටා නුවර ආරම්භ වී ඇත. ඒ, කොරෝනා වසංගතය මැද ආරක්ෂිතක සෞඛ්‍ය උපදෙස් අනුවය. 

කෙවින් ෆයිජී පවසා ඇති ආකාරයට ‘ෂී හල්ක්’ කතාමාලාව මිනිත්තු 30 කින් යුත් කොටස් 10 කි. බෲස් බැනර් සහ හල්ක් ලෙස චරිත නිරූපණය කරන මාර්ක් රෆලෝ චිත්‍රපටයට එක් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත. 

 කැනේඩියානු නිළියක වන ටැටියානා මැසනී වඩාත් ජනප්‍රිය පුංචි තිරයේ නිළියක ලෙසය. ඇය රසික හදවත් දිනුවේ ක්ලෝන්වරුන් පාදක කරගෙන තැණුනු ‘ඕපන් බ්ලැක්’ නමැති කැනේඩියානු ටෙලි කතාමාලවේ එකිනෙකට වෙනස් චරිත රැසකට පණ පොවමිනි. 
35 හැවිරිදි ටැටියානා මැසනී සම්මාන රැසකින් පිදුම් ලැබූ රංගන ශිල්පිනියකි. ‘ඕපන් බ්ලැක්’ කතාමාලාව 2013 සිට 2017 තෙක් විකාශය විය. 

‘ඕපන් බ්ලැක්’ කතාමාලාවට අමතරව, 'බීන් එරිකා', ‘පෙරී මේසන්’ ‘හාට්ලෑන්ඩ්’ ආදී ටෙලි කතා මාලාවල ටැටියානා ගේ රංගනයන්  දැකගත හැකිය. ‘පික්චර් ඩේ’, ‘අදර් හාෆ්’, ‘ඩිස්ට්‍රෝයර්’, ‘ඩයරි ඔෆ් ඩෙඩ්’ ආදිය ටැටියානා රංගනයෙන් එක්වුණු චිත්‍රපටවලින් කීපයකි.

ComicBook අඩවිය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom