
ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
ඇය මෙසේ පැවැසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය පෙන්වා දුන්නාය.
එම වෛරසය වාතය මඟින් බෝ වීමක් පෙන්නුම් කරන බැවින් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැහැදිලි කර තිබේ.