ද්විත්ව කොරෝනා මදිවට ත්‍රිත්ව කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 21, 2021

ද්විත්ව කොරෝනා මදිවට ත්‍රිත්ව කොරෝනා

ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතියට, කොරෝනා වයිරසයේ එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද තුනක් ඇතුළත් බව ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. 

මේ වනවිට කොරෝනා ආසාදිතයන් ඉහවහා ගොස් ඇති මහාරාෂ්ට, දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය හමුවී තිබේ. 

ලොව රටවල් කීපයකින් විකෘතිකරණයට ලක් වුණු කොරෝනා වයිරස ප්‍රභේද හමුවී ඇති නමුත් ද්විත්ව සහ ත්‍රිත්ව කොරෝනා විකෘති හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි. 

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දෛනිකව ලක්ෂ දෙකට වඩා වැඩි අගයන් ගන්නේ මෙම කොරෝනා විකෘති නිසාය. මේවා සාමාන්‍ය කොරෝනා ප්‍රභේද මෙන් නොව සම්ප්‍රේෂණ වේගය ඉහළ අගයක් ගනී. 

මෙය ඉන්දියාව මුහුණ දෙන දෙවැනි කොරෝනා රැල්ල යැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. කොරෝනා දෙවැනි රැල්ල හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 2,83,000 පසු කළේය. කොරෝනා වසංගතය ඉහවහා යද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (20) ජාතිය ඇමතුවේය. 

දෙවැනි කොරෝනා රැල්ල ප්‍රචණ්ඩ කුණාටුවක් ලෙස ඉන්දියාවට කඩා වැදුණු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය. 

ඉන්දියාවෙන් හමුවුණු නව කොරෝනා විකෘති ප්‍රභේදවලින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තරුණ තරුණියන් සහ කුඩා දරුවන් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මේ වනවිට නවදිල්ලි අගනුවර පමණක් නොව, ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක රෝහල්වල ඇඳන්, ඔක්සිජන් සහ වෙන්ටිලේටර් ස්වසන උපකරණ ආදියේ හිඟයක් පවතී. 

මෙම නව කොරෝනා විකෘති බලපෑම් එල්ල කරන්නේ තරුණ ප්‍රජාවගේ පෙනහළු, හෘදය සහ වකුගඩුවලට යැයි ඉන්දීය වෛද්‍යවරු අනතුරු අගවති.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom