ඉන්දීය ආදාහනාගාර පැය 24 පුරා වැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 21, 2021

ඉන්දීය ආදාහනාගාර පැය 24 පුරා වැඩ

sample-ad-complete-big
41979590-9490181-image-a-6_1618905323746
41979604-9490181-image-m-14_1618905476222
කොරෝනා දෙවැනි රැල්ල හමුවේ ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක් වී ඇති බවත්, එරට ප්‍රධාන නගර රැසක ආදාහනාගාර පැය 24 පුරා ක්‍රියාත්මක බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

රෝහල්වල සහ ආදාහනාගාර ඉදිරිපිට මළසිරුරු ගොඩ ගැසෙමින් පවතින බවත්, දෛනිකව මළසිරුරු සියයකට ආසන්න ප්‍රමාණයක් ආදාහනයට යොමු කරන බවත් පැවැසෙයි. 

සිරුරු ආදාහනය කිරීමට කල්තියා වෙලාවක් වෙන් කර ගැනීමට පවා සිදුවී ඇත. 

ඊට අමතරව ඇතැම් ආදාහනාගාරවල මළසිරුරු ආදාහනයට දර නොමැති බවත්, සිරුරු ආදාහනයට දර රැගෙන එන්නැයි මියගිය අයගේ ඥාතීන්ට උපදෙස් ලැබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මේ වනවිට කොරෝනා ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. 

ඒ, ඇමෙරිකාවට පසුපසිනි. ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවුවත්, මරණ අතින් ඉන්දියාව තවමත් ඇත්තේ තෙවැනි ස්ථානයේය. 

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 15,616,130 ක් ලෙස අද (21) වාර්තා විය. සමස්ත මරණ වාර්තා වූයේ 1,82,570 ක් ලෙසය. 

ඩේලිමේල්

Classified_Ad