ජොන්සන් එන්නතත් නවත්වයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 14, 2021

ජොන්සන් එන්නතත් නවත්වයි

'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. 

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා' එන්නත හා සමානව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ලබා ගත් කිහිප දෙනකුගේ රුධිරය කැටි ගැසී ඇති බැවිනි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකානුවන් 6 දෙනකුගේ රුධිර කැටි ගැසී ඇති බවත්, එම 6 දෙනා රෝහල්ගතව ප්‍රත්කාර ලබා ගන්නා බවත් පැවැසෙයි. 

රුධිරය කැටි ගැසීමෙන් මරණ කිසිවක් සිදු වී නැත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලියන 6.8 ක් ඇමෙරිකානුවන්ට ලබා දී ඇති බවත්, රුධිර කැටි ඇති වී රෝගී වූයේ 6 දෙනකු පමණක් බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය වැඩිදුරටත් පැහැදිලි කරයි.

'මිලියන 6.8 කට එන්නත් දී 6 දෙනකු රෝගී වුවත් ඒ ගැන අප සැලකිලිමත් වෙන්න ඕනෑ. එන්නත ලබා දීම තාවකාලිකව නවත්වනවා. පුළුල් අධ්‍යයනයකින් පසු යළි එන්නත්කරණ කටයුතු ආරම්භ කරනවා' යැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ඇමෙරිකානුවන්ට එරට නිපදවූ එන්නත් 3 ක් ලබා දෙයි. 'ෆයිසර්', 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යනු එම එන්නත් 3 ය. 

'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ඇමෙරිකන් එන්නතක් වන අතර, මෙම එන්නතේ ඇති විශේෂත්වය වන්නේ මෙය එක් මාත්‍රාවකින් පමණක් සමන්විත වීමය. 

එන්නත හදිසි තත්ත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට ලබා දෙන්නැයි අනුමැතිය දුන්නේ ද ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom