
කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට අයිස්ලන්තයයි. මේ බව කියන්නේ ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන ‘ග්ලෝබර් ජෙන්ඩර් ගැප්’ ආයතනයයි.
සෑම වසරකම මෙම ආයතනය සමීපක්ෂණ පවත්වමින්, කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රටවල ලැයිස්තුව එළිදක්වයි. පසුගිය 2020 වසරේ ද එම ලැයිස්තුව සකස් කර ඇති අතර, ඒ අනුව, පිටපිට 11 වැනි වතාවට ලොව කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රට වී ඇත්තේ අයිස්ලන්තයයි.
කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රට අයිස්ලන්තය වීමට ඇති හේතුව කුමක්ද ?
පිරිමින්ට සමානව, සම වැටුපක් කාන්තාවන්ට ද හිමිවිය යුතු යැයි ෆින්ලගන්තයේ නීතියක් සම්මත වීම එක් හේතුවකි. ලොව මෙවැනි නීතියක් ඇති පළමු රට අයිස්ලන්තයයි. පිරිමින්ට සමානව අධ්‍යාපනික සුදුසුකම් ලැබූ කාන්තාවන් සිටී නම්, ඔවුන් රැකියාවේ එකම තනතුරක් දරන්නේ නම්, ලැබෙන වැටුප සමානය.
ඊට අමතරව කුඩා දරුවන් සිටින අම්මලාට පඩි සහිත විශේෂ නිවාඩු හිමිවෙයි. ඒ, දරුවන්ගේ කටයුතු සඳහා ය. අයිස්ලන්ත ශ්‍රම බලකායට කාන්තා නියෝජනය සියයට 86 ක් වී ඇත්තේ ද මේ නිසාය.
එපමණක් නොවෙයි, අයිස්ලන්ත සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 40 ක් තිබිය යුතු යැයි ද පැවැසෙයි. අද එම ප්‍රතිශතය සියයට 43 කි.
අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 38 කි. එය පසුබෑමකි. හේතුව, 2017 දී එය සියයට 48 ක් වී තිබුණු බැවිනි.
අයිස්ලන්තයේ වර්තමාන දේශපාලන තත්ත්වය මෙසේ වුවත්, අතීතයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් එකකි.
1975 දී පාර්ලිමේන්තුව නියෝජනය කළේ කාන්තා මන්ත්‍රීවරියන් තිදෙනකු පමණි. අයිස්ලන්ත කන්තාවන්ට හිමිවූයේ පිරිමින්ට හිමිවුණු වැටුප් මුදලට වඩා සියයට 60 ක් අඩු මුදලකි. ඒ නිසා, පිරිමින්ට සමානව වැටුප් ඉල්ලමින්, අයිස්ලන්ත කාන්තාවෝ මහා වැඩ වර්ජනයක් පැවැත්වූහ.
රටේ සියයට 90 ක් කාන්තාවෝ එම දැවැන්ත වැඩ වර්ජනයට එක් වූහ.
වැඩවර්ජනය හේතුවෙන් පාසල්, කර්මාන්තශාලා, පුවත්පත් ආයතනවල කටයුතු අඩපණ විය. ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට පවා සිදුවිය.
විරෝධතාකරුවෝ එක් වී, කාන්තාවන් පමණක් නියෝජනය කරන ‘කාන්තා එකමුතුව’ යන නමින් දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ගනු ලැබුණි. එම පක්ෂය ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් ගණන සියයට 5 සිට සියයට 15 තෙක් ඉහළ ගියේය.
අයිස්ලන්තයේ තවමත් අභියෝග බහුලය. නීති සම්පාදනය වී තිබුණත් ආර්ථිකමය වශයෙන්, ස්ත්‍රී පුරුෂ පරතරය සියයට 16 ක් පවතී. පොදුවේ ගත් විට අයිස්ලන්තයේ ස්ත්‍රී පුරුෂ පරතරය සියයට 12 කි.
එය ලොව අඩුම ප්‍රතිශතයයි.
‘ග්ලෝබර් ජෙන්ඩර් ගැප්’ 2019 සමීක්ෂණ වාර්තාව සකස් කර ඇත්තේ රටවල් 153 ක් පාදක කර ගනිමිනි. අයිස්ලන්තය අංක 1 ස්ථානයට පත් වෙද්දී, දෙවැනි ස්ථානය නෝර්වේ රාජ්‍යයටත්, තෙවැනි ස්ථානය ස්වීඩනයටත් සිවුවැනි ස්ථානය නිකර්ගුවාවටත් හිමි වී ඇත.
නෝර්වේ සහ ස්වීඩන් යුරෝපා රටවල් ය. නිකර්ගුවා ලතින් ඇමෙරිකානු රටකි. කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රටවල් 10 අතරේ ඇමෙරිකාව නැත. ඇමෙරිකාව ඇත්තේ 53 වැනි ස්ථානයේය.
‘වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම්’