සාංචි රෝහලේ PCR කරන්නේ උයන්පල්ලෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 14, 2021

සාංචි රෝහලේ PCR කරන්නේ උයන්පල්ලෙක්

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, ඉන්දියාවේ සාංචි නුවර මහ රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට උයන්පල්ලකු යොදවා ඇති බවත් ඉන්දියාවේ එන්.ඩී.ටී. පුවත් සේවය වාර්තා කරයි. 

බෞද්ධ පුද බිමක් ලෙස සැලකෙන සාංචි අයත් වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටය. මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. 

ගතවුණු පැය 24 ඇතුළත මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වු ‍ආසාදිතයන් ගණන 6,489 කි. කොරෝනා මරණ ද ඉහළ යමින් පවතින බවත්, නිවෙස්වල සහ රෝහල් ඉදිරිපිට සිදුවන මරණ කොරෝනා මරණ ලෙස ගණන් නො‍ගැනෙන බව ද මාධ්‍ය වාර්තා පවසයි. 

 'මා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් නොවෙයි. නගරසභාවේ උයන්පල්ලෙක්. ඒත් රෝහලේ හැමෝටම වගේ කොරෝනා ආසාදනය වෙලා. ඒකයි මට සාම්පල ගන්න සිදුවුනේ' යැයි හල්කේ රාම් නමැති එම උයන් පල්ලා මාධ්‍ය හමුවේ පවසා ඇත.  ‍

ප්‍රදේශය භාර වෛද්‍ය නිලධාරී රාජ්ෂීරී ටිඩ්කේ කියා සිටියේ වෙන කිසිවකු නොමැති බැවින්, තාවකාලිකව හල්කේ රාම් පී.සි.ආර්. සාම්පල ලබා ගැනිමට යොදවා ඇති බවත්, ඒ සදහා මනා පුහුණුවක් ලබා දී ඇති බවත් වෛද්‍ය නිලධාරී රාජ්ෂීරී ටිඩ්කේ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. 

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි නියෝජනය කරන්නේ සාංචි ය. 

සෞඛ්‍ය ඇමැතිවරයා මේ වනවිට අතුරු මැතිවරණයට සූදානම් වෙයි. එහෙයින්, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු ගැන සොයා බැලීමට හෝ කොරෝනා ව්‍යාප්තිය ගැන සොයා බැලීමට හෝ ඔහුට කාලයක් නොමැති බව ඉන්දීය මාධ්‍ය චෝදනා කරයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom