අඟහරු ගිය චීන යානය ඡායාරූප එවලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

May 20, 2021

අඟහරු ගිය චීන යානය ඡායාරූප එවලා

අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණයට චීනය යැවූ රොබෝ රෝවර් යානය, අඟහරුගේ ජායාරූප රැසක් චීන විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වා ඇතැයි වාර්තා වේ. 

එම අති පැහැදිලි ඡායාරූප, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට ද චීන අභ්‍යවකාශ ආයතනය මේ වනවිට පියවර ගෙන ඇත. 

චීනය ‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම රොබෝ රෝවර් යානය අඟහරු මතට පතිත කළේ පසුගිය 15 වැනිදාය. චීනය අඟහරුට රොබෝ යානාවක් යැවුවේත්, එය අඟහරු මතුපිටට පතිත කළේත් පළමු වතාවටය. 

මීට පෙර මේ අයුරින් රොබෝ රෝවර් යානා ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. රෝවර් යානා යනු රෝදවලින් සමන්විත ගවේෂණ යානාවලටය. ‘ෂුරොංග්’රෝවරයට රෝද 6 ක් ඇති අතර, එය අඟහරු මතුපිට ඔබමොබ යමින් ඡායාරූප ගැනීම, පස් සාම්පල රැස් කිරීම ආදිය සිදු කරයි.

BBC

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad