එන්නත් අපනයනය ඔක්තෝබරයේ සිට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 20, 2021

එන්නත් අපනයනය ඔක්තෝබරයේ සිට

ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඉන්දියාවට, රට තුළ එන්නත් අවශ්‍යතාව සැපිරීමට ඇති හෙයින් අපේක්ෂා කළාට වඩා ප්‍රමාදයක් වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කෙරෙන ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහනට එන්නත් මාත්‍රා සැපයීම ද ප්‍රමාද වනු ඇති බවත් මේ හේතුවෙන් ගෝලීය එන්නත් වැඩසටහන ද දරුණු එන්නත් හිඟයකට මුහුණපානු ඇති බවත් වාර්තා වේ. 

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන සේරම් ආයතනය පිහිටා ඇත්තේ ද ඉන්දියාවේ ය. මේ වසර අග වනවිට ‘කොවැක්ස්’ වැඩසටහනට සහ අනෙක් රටවලට එන්නත් අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සේරම් ආයතනය සඳහන් කරයි. 

“ඉන්දීය ජනතාවගේ ජීවිත අනතුරේ හොබවා අපි එන්නත් අපනයන නොකරන බව නැවත නැවතත් කියන්න අවශ්‍ය යි. ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා අපි කරන්න පුළුවන් හැමදේම කරනවා” යැයි සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

මේ වනවිට නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඉන්දියාවයි. දෛනිකව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 

ඉන්දියාව මීට මාසයකට පෙර එන්නත් අපනයනය කිරීම අත්හිටුවීමට පියවර ගත්තේ ය. ඒ වනවිට ඉන්දියාව වෙනත් රටවලට ප්‍රදානය හෝ අපනයනය කර තිබූ එන්නත් මාත්‍රා ගණන මිලියන 66ක් විය.

ඉන්දියාව එන්නත් අපනයනය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකාවේ රටවල් ගණනාවකට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය. එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා මෙම රටවල් මේ වනවිට විකල්ප සෙවීමේ අර්බුදයකට මුහුණ දී ඇත. 

ඉන්දියාවෙන් ලැබෙන එන්නත් මාත්‍රා ප්‍රමාණයේ හිඟයක් ඇති වී හෙයින් ඉන්දියාවෙන් පිටතට සිටින එන්නත් නිෂ්පාදකයන්ගෙන් ‘කොවැක්ස්’ වැඩසටහනට ඒන්නත් ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සඳුදා ඉල්ලීමක් කළේය. ඉන්දියාව ඉදිරියේ දී සිය එන්නත්කරණ වැඩසටහන වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරියෙක් පැවැසීය. 

“අපි රටවලට එන්නත් දෙන්න බැඳිලා නැහැ. ඒ නිසා නිල වශයෙන් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් රජයේ නිලධාරියෙක් කීය. “මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වුණා. එන්නත් අපනයන කරාවි යැයි බලාපොරොත්තු වෙන්න එපා කියලා ඇතැම් රටවල් දැනුවත් කරා. ඇතැම් රටවලට අපගේ එන්නත් අපනයන සීමා සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙනවා” යැයි තවත් තවත් නිලධාරියෙක් කීවේය. 

අදාළ රටවල් මොනවාදැයි එම නිලධාරියා කිසිදු සඳහනක් කළේ නැත. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් සියලු නිලධාරීන් අනන්‍යතාව අනාවරණය නොකිරීමේ කොන්දේසිය මත තොරතුරු ලබාදුන් බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත. ඉන්දියාව කොතරම් ඉක්මනින් එන්නත් අපනයනය කිරීම ආරම්භ කරනවාද යන්න තීරණය යන්නේ ඔවුන් දෙවැනි රැල්ල පාලනය කරගන්නා ආකාරය අනුව යැයි ද එම ආරංචිමාර්ගවලින් කියැවිණි. 

ඉන්දියාව අනෙක් රටවලට එන්නත් ප්‍රදානය කිරීම සහ අලෙවි කිරීම යනාදි ක්‍රියාවලියේ මූලික්තවයෙන් ගෙන කටයුතු කරන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වන මේ සම්බන්ධයෙන් ඔවුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැතැයි රොයිටර්ස් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom