සංචරණ සීමා ලිහිල් වෙන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 28, 2021

සංචරණ සීමා ලිහිල් වෙන්නේ නෑ

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි  දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.

කොරෝනා  මර්ධන කමිටුව අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ජංගම අලෙවි සේවා සංවධානය කරන ලෙස දිසාපතිවරුනට හා ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනතාවට නිවෙස්වලින් බැහැරට නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය වටපිටාව සකසන්නැයි ද දැනුම් දී තිබේ.

Classified_Ad