'නාඩගම්කාරයෝ' හැඩ කරන දුනීෂා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 29, 2021

'නාඩගම්කාරයෝ' හැඩ කරන දුනීෂා

sample-ad-complete-big
මේ දිනවල ස්වර්ණවාහිනීයේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යට විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම එහි චරිතවලටත් බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගෙන තිබෙනවා. නාඩගම්කාරයෝ නාට්‍යයට අළුතෙන් එක්වුණු චරිතය තමයි ‘ටීනා’ නැත්නම් ටීනක්කි කියන්නේ. මේ චරිතයට රංගනයෙන් දායක වන්නේ දුනීෂා පියුමි ප්‍රාර්ථනා. ඇය ටෙලි තිරයට අළුත් වුණාට නිරූපණයට නම් අළුත් මුහුණක් නොවෙයි. ඉතින් මේ කතාබහ දුනීෂා සමගින්. 
186454936_4729038190456431_8155218162426802156_n
187495969_4729038657123051_6720824395569886533_n
Dunisha-2021-03
දුනීෂා, මේ දිනවල වැඩකටයුතු කොහොමද? 
මේ දවස්වල නම් ගොඩක් වැඩකටයුතු අඩුයි. මේ කොරෝනා තත්ත්වය නිසා ඇත්තටම වැඩ කරනවා අඩුයි. නාඩගම්කාරයෝ නාට්‍ය සමග තමයි මාව මේ වෙද්දි දකින්න ලැබෙන්නේ. 

නාඩගම්කාරයෝ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? 
ඔව්. නාඩගම්කාරයෝ සමග සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ප්‍රදීප් මානවඩු අයියා හරහා. තිර පරික්ෂණයක් තියලා ඒ හරහා තමයි ටීනක්කි කියන චරිතය මට ලැබෙන්නේ. හැබැයි කටකතාත් යනවා. ඒවාට නම් බය නැහැ. ඕන කෙනෙකුට කටකතා කියන්න පුළුවන්නේ. 

ටීනක්කිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 
ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. චරිතය අනුව හොඳ, නරක ප්‍රතිචාර දෙකම සම සමව ලැබෙනවා. ඒ දෙකම සුබවාදීව භාර ගන්නවා. මොකද මම තවම රංගනයට අළුත්. මගේ අඩුපාඩු ගොඩක් ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. 

ටෙලි නාට්‍යක චරිතයකට දායක වුණු පලවෙනි අවස්ථාවද? 
ඔව්. මේ පලවෙනි වතාව. මම රංගනයට අළුත් නිසා චරිතය භාර ගනිද්දි ලොකු බයක් තිබුණා. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා මටම හිතුණා. හැබැයි මම ඒ අභියෝගය භාරගත්තා. 

මේ ජනප්‍රියත්වයත් සමග තව නිර්මාණවලට ආරාධනා ලැබෙනවා ඇති? 
ඔව්. නාඩගම්කාරයෝ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මට රංගනයට ආරාධනා ලැබුණා. හැබැයි මගේ අධ්‍යාපන කටයුතු නිසා මම ඒවා බාර ගත්තේ නැහැ. හැබැයි නාඩගම්කාරයෝ නාට්‍යට සම්බන්ධ වුණාට පස්සෙත් ආරාධනා ලැබෙනවා. ඒවා තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට දායක වෙනවා. 

‘ටීනක්කි’ වැනි චරිතයක් ලැබුණාම මොකද හිතුණේ? 
ඇත්තටම ඒ චරිතයට ගොඩක් අයව ඔඩිෂන් කරලා තිබුණා. හැබැයි ගොඩක් ගැහැණු ළමයි ඒ චරිතයට කැමති වෙලා නැහැ. මොකද ටීනක්කි කියන්නේ කොටට ඇඳින වගේ චරිතයක් නිසා. ඉතින් ඒක මටත් අභියෝගයක් වුණා. මම චරිතය බාරගත්තෙත් හොඳට කල්පනා කරලා කාලය අරගෙන. මොකද මම ජීවත් වෙන්නෙත් ගමක. ලංකාවේ ඒ වගේ දෙයක් වැරදියට දකින්න පුළුවන්නේ. 

ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය මොන වගේද? 
ගෙදරින් නම් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මට නිදහසක් දීලා තියෙන්නේ මගේ දේවල්වලට. 

නිරූපණය පැත්තේ වැඩකටයුතු කොහොමද? 
මේ වෙද්දි වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තියෙනවා. එඩින්බරෝ, සන්ක්වික් ඒ අතර ජනප්‍රියයි. ඒ වගේම මියුසික් වීඩියෝ 10කට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. ඒවායෙන් කිහිපයක් යූ - ටියුබ්වල ට්‍රෙන්ඩින් ආවා. ඒ වගේම මම හරි ආසාවෙන් දායක වුණු ගීතයක් තමයි ‘මතක පොතේ’ ගීතය. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒකට සංගීත් ප්‍රභූ අයියත් දායක වුණා. 

ඔබ වැඩියෙන්ම කැමති රංගනයට ද නිරූපණයට ද? 
මම ගොඩක් ආදරය නිරූපණයට. මොකද මම කලාවට එන්න පටන් ගත්තේ එතැනින්. හැබැයි මම රංගනයටත් කැමතියි. ඒක අළුත් අත්දැකීමක්. 
Dunisha-2021-01
Dunisha-2021-02
Dunisha-2021-04
ඔබ නිරූපණයට ඇවිත් දැන් වසර කිහිපයක් වනවා. දැන් ක්ෂේත්‍රය ගැන දැනෙන්නේ කොහොමද? 
ඇත්තටම මේ යන විදිහට ක්ෂේත්‍රය යම් කඩාවැටීමකට ලක් වෙයි කියලා හිතෙනවා. මොකද හොඳ නරක තෝරාගැනීමේ මොකක් හරි අඩුපාඩුවක් තිබෙනවා කියලා මට දැනෙනවා. අමුතුම පැත්තකට දැන් ක්ෂේත්‍රය ඇදී යනවා කියලා දැනෙනවා. 

ඔබ පැමිණි ගමන තෘප්තිමත් තියලා හිතනවාද? 
ඔව්. ඇත්තටම මේ ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. මම නිරූපණයේ වැඩ කරනගමන් උත්සාහ කරලා තියෙනවා රංගනයට සම්බන්ධ වෙන්නත්. හැබැයි ඒකට මට අවස්ථාව නැතිවුණා. නමුත් මම විශ්වාස කරනවා මේ දවස්වල විකාශය වන හොඳම නාට්‍යයෙන් රංගනයට එන්න ලැබීමත් මගේ වාසනාවක් කියලා. 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්? 
මගේ උසස් අධ්‍යාපන කටයුතු තවම සිදුකරගෙන යනවා. ඒවාට වැඩි ඉඩක් වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම නාඩගම්කාරයෝ නාට්‍යයේ වැඩත් කරගෙන යනවා. මගේ තිබෙන අඩුපාඩු හදාගෙන ප්‍රවීණයන් සමග වැඩකරන්නත් බලාපොරෝතතුවෙන් ඉන්නවා. ඒ වගේම මම ආදරය කරන නිරූපණ ක්ෂේත්‍රයේ දිගටම වැඩ කරන්නත් බලාපොරොත්තු වෙනවා. 

෴ කැළුම් දේවින්ද
උපුටා ගැනීම - සාරවිට වෙබ් අඩවිය

Classified_Ad