කොරෝනා හැදුණු අයට මාස 3 කට පසු එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 20, 2021

කොරෝනා හැදුණු අයට මාස 3 කට පසු එන්නත්

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට මාස 3 කට පසු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම කළ හැකි යැයි ඉන්දීය වෛද්‍යවරු පවසති. 

එපමණක් නොව, ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාවට පෙර කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව මාස 3 කට පසු ලබා ගැනීම කළ හැකි යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

කෙසේ නමුත් වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට එන්නත් ලබා දීම කළ යුත්තේ, වෛද්‍ය උපදෙස් අනුව බව ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත. 

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා 'නෙගටිව්' වීම මත සුවය ලැබූ බව පැවැසෙන පුද්ගලයන් බොහෝ දෙනකු දීර්ග කාලීන රෝගාබාධවලට ගොදුරු වී ඇති බව ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් මේ වනවිට වාර්තා වී ඇත. 

හෘද රෝගීන් නොවූ පුද්ගලයන් හෘද රෝගීන් වීම, ස්වසන අපහසුතා නැති පුද්ගලයන්ට ස්වන අපහසුතා ඇති වීම, සිරුර දුර්වලවීම ආදී සංකූලතා රැසක් ද වාර්තා වී තිබේ. මේ නිසා කොරෝනා ආසදනය වී සුවය ලැබීමෙන් පසු එන්නත ලබා ගන්නේ නම්, වෛද්‍ය නිර්දේශ අනුව එය කළ යුතු යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී තිබේ. 

කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගෙන තිබියදී කොරෝනා වයිරසය ආසාදනය වුවහොත්, ඉක්මණින් සුවය ලැබීමටත්, මෙසේ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමටත් හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. 

එන්නත් ලබා ගැනීම කළ යුතු වන්නේ ඒ නිසා යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක පැහැදිලිව සඳහන් වෙයි. කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනපතා ඉහළ යමින් පවතින්නේ, එරට එන්නත්කරණ වැඩසටහන මන්දගාමීවී ඇති බැවින් යැයි චෝදනා එල්ල වී ඇත.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom