කොරෝනාවෙන් බේරෙන්න ගොම නාන ඉන්දියානුවෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

කොරෝනාවෙන් බේරෙන්න ගොම නාන ඉන්දියානුවෝ

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරී සිටීමට, ඉන්දිායවේ හින්දු වැසියන් ගව මුත්‍ර පානය දිගින් දිගටම සිදු කරන බවත්, ගොම සිරුරේ තවරා ගන්නා බවත් විදෙස් වාර්තා පවසයි. 

ඉන්දීය හින්දු වැසියන්ගේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම අනුව, ඔවුන් දේවත්වයනේ සලකන ගවයාගේ මුත්‍ර සහ ගොම විෂබීජ නාශකයකි. මුත්‍ර පානය කරන්නේත් ගොම සිරුරේ තවරා ගැනීමත් සිදුවන්නේ ඒ නිසාය.

සිරුරේ විෂ නැසීම සඳහා ගව මුත්‍ර පානය, ඉන්දීය ආයුර්වේද ක්‍රමය අනුව ද පිළිගැනීමට ලක් වී ඇත. ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර් පවා ඖෂධීය ගුණ වෙනුවෙන් ගව මුත්‍ර පානය සිදු කරන බව පැවැසෙයි. 

කෙසේ නමුත්, ඉන්දීය වෛද්‍යවරුන් පවසන්නේ, මේ අවස්ථාවේ කොරෝනා ආසාදනය වීමෙන් වැළකීමට නම්, ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපඳින ලෙසය. 

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීමට එක් හේතුවක් වී ඇත්තේ ඉන්දීය වැසියන්ගේ අන්ධ විශ්වාස බවත්, යහපත් සෞඛ්‍ය පුරුදු ගැන ඔවුන්ගේ දැනුම අල්ප නිසා බවත් එරට වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැහැදිලි කරති.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom