මැලේසියාව ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 11, 2021

මැලේසියාව ලොක්ඩවුන්

ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ දින 10 ක් සඳහා මැලේසියාව මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් තීරණය කර තිබේ. 

රටේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මැලේසියානු ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වීය. 

එහිදී සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රට වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ. ඒ අනුව ලබන ජූනි 7 වැනිදා තෙක් මැලේසියා වසා දැමෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

පසුගිය 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මැලේසියාව සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරෙන තෙවැනි අවස්ථාව මෙයයි. මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,44,500 ඉක්මවා තිබේ. මරණ 1,700 පසු කර තිබේ.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom