යූරෝ 80,000 ක් ලංකාවට ආධාර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 29, 2021

යූරෝ 80,000 ක් ලංකාවට ආධාර

ශ්‍රී ලංකාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා ආධාර වශයෙන් යූරෝ 80,000 ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 19.5) මුදලක් ලබාදීමට යුරෝපා කොමිසම පියවර ගෙන ඇතැයි කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මෙම පරිත්‍යාගය ගංවතුර තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන කොළඹ, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල 7500කට ආසන්න ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද එහ කාර්යාලය කියයි.

ගංවතුර සහ හදිසි ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ පවුල්වලට ආධාර සැපයීම සඳහා ද යුරෝපා සංගමය ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට අරමුදල් ලබා දී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි. 

 ප්‍රථමාධාර සහ වෛද්‍යාධාර සැපයීම, සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, පීඩාවට පත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යනාදීය ද මෙමඟින් ආවරණය කිරීමට නියමිත ය. 

ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය සහ රතු අඩ සඳ සමාජවලට ලබාදෙන හදිසි ආපදා සහන අරමුදලට ලබාදෙන අරමුදල් යටතේ මෙම අරමුදල් සැපෙයන බව ද යුරෝපා සංගම් තානාපති කාර්යාලය කියයි.

෴ හර්ෂණ තුෂාර සිල්වා
      ඡායාරූපය - Photo Journalist - කුෂාන් පතිරාජ (Daily Mirror)

Classified_Ad

Classified_Ad_News_Bottom