එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව ගැන හෙලිදරව්වක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 29, 2021

එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව ගැන හෙලිදරව්වක්

ගිනිගෙන දැවෙමින්, මහා සාගර දූෂණයකට හේතුවක් වූ එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරාය දෙකකට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති නමුත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇතැයි ස්ප්ලෑෂ්247 වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ. 

ස්ප්ලෑෂ්247 යනු ගෝලීය සමුද්‍රීය පුවත් වාර්තා කරන වෙබ් අඩවියකි. 

නෞකාවේ අම්ල කාන්දුවට හේතු වී ඇත්තේ නිසි පරිදි ඇසුරුම් නොකිරීම යැයි නෞකාව අයත් එක්ස්-ප්‍රස් ෆ්‍රීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් හාර්නොල් සිංගප්පූරුවේ සිට ස්ප්ලෑෂ්247 වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත. 

ශ්‍රී ලංකාවට කිලෝමීටර ගණනක් ඈතින් අරාබි මුහුදේදී ඒ බව නෞකාවේ කාර්යමණ්ඩලය දැනගෙන ඇතැයි ද හෙතෙම එම වෙබ් අඩවියට පවසා ඇත. 

එය දැනගැනීමත් සමඟ නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායත් කටාර් රාජ්‍යයේ හමාඩ් වරායෙනුත් අදාළ බහාලුම් ගොඩබෑමට අවසර ඉල්ලා ඇත. අදාළ වරාය දෙකම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. 

ඉකුත් පෙබරවාරි මාසයේ දී චීනයේ අංගනයකින් මෙම නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ වරාය අවසර නොදීමත් සමඟ එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් ආරම්භ කර තිබේ.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad