
ෆයිසර්-බයෝඇන්ටෙක් ‘කොවිඩ්-19’ එන්නත ගත් ලොව දෙවැන්නා වන බ්‍රිතාන්‍යයේ විලියම් ෂේක්ස්පියර් නමැත්තා මරණයට පත්ව ඇත.
එක්සත් රාජධානිය ඉකුත් දෙසැම්බර් මස (8) වැනිදා සිය ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහන ආරම්භ කළ අතර ඒ අනුව එරට එම එන්නත ලැබූ දෙවැන්නා වූයේ ද විලියම් ෂේක්ස්පියර් ය.
එමෙන්ම එන්නත ලබාගත් පළමු පිරිමියා වන්නේ ද විලියම් ෂේක්ස්පියර් ය.
අනූ එක් හැවිරිදි වියේ පසු වූ මාග්‍රට් කීනන් එන්නත ලබාගැනීමෙන් පසු ෂේක්ස්පියර් එන්නත ලබාගත්තේ ය.
විලියම් ෂේක්ස්පියර් 81 වැනි පසු වූ අතර රෝගී තත්ත්වයකින් ඔහු මරණයට පත්ව ඇත.
නව කොරෝනා වයිරසය හෝ එන්නත ලබාගැනීම ඔහුගේ මරණයට හේතුවක් නොවන බව ද වාර්තා වේ.
එංගලන්තයේ වාර්වික්ෂයර්හි පදිංචිකරුවකු වන විලියම් ෂේක්ස්පියර් කොවෙන්ට්‍රි පිහිටි යුනිවසිටි රෝහලේ දී ෆයිසර්/බයෝඇන්ටෙක් සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගත්තේ ය.
විලියම් ෂේක්ස්පියර් බ්‍රහස්පතින්දා (27) මරණයට පත්වූ බව ඔහුගේ මිතුරියක මෙන්ම කොවෙන්ට්‍රි හි ප්‍රාදේශීය මන්ත්‍රීවරියක ද වන ජේන් ඉනස් ප්‍රකාශ කළාය.
“විලියම් ට කළ හැකි හොඳම ගෞරවය එන්නත ලබාගැනීම” යැයි ද ඇය කීවාය.
විලියම් ෂේක්ස්පියර් ‘රෝල්ස්-රොයිස්’ සමාගමේ සේවය කර ඇති කනිෂ්ඨ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු ද ලෙස ද කටයුතු කර ඇත.
විලියම් ෂේක්ස්පියර්ගේ ප්‍රදේශීය ප්‍රජාව වන්නේ ඇලෙස්ලි වන අතර ඔහු දශක තුනක ආසන්න කාලයක් ඔහුගේ ප්‍රජාවට සේවය කර ඇත.
විලියම් ෂේක්ස්පියර්ගේ මරණයට හේතුව ආඝාත තත්ත්වයක් යැයි කොවෙන්ට්‍රි හි යුනිවසිටි රෝහල සහ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවා භාරය සඳහන් කළේය.
BBC
෴ හර්ෂණ තුෂාර සිල්වා