රුසියාවේ ස්පුට්නික් එන්නත් ඉන්දියාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 2, 2021

රුසියාවේ ස්පුට්නික් එන්නත් ඉන්දියාවට

ඉන්දීය රජය ඇණවුම් කළ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත පළමු තොගය ඊයේ (1) හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට ලැබුණි. 

පළමු තොගයට අයත් එන්නත් මාත්‍රා ගණන 1,50,000 ක් ඇතුළත් වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. පරීක්ෂණ පවත්වා නිසි ක්‍රමවේදයට අනුව එන්නත් ඉන්දියානුවන්ට ලබා දීම තව දින කීපයක් ඇතුළත ආරම්භ කරන බව ද සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කර තිබේ. 

'ස්පුට්නික් 5' යනු ඉන්දියානුවන්ට ලබා දෙන තෙවැනි එන්නත වෙයි. පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ඉන්දියානුවන්ට ලැබෙමින් පවතින්නේ සේරම් ආයතනය නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය නිපදවන 'කොනැක්සින්' එන්නතය. 

ඊයේ (1) සිට ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ඉන්දීය එන්නත්කරණ වැඩසටහන පෞද්ගලික අංශය හරහා ද සිදුවෙයි. 

රජය නියම කරන දිනට පෙර එන්නත ලබා ගැනීමට අවශ්‍ය නම් එය මිලදී ගැනීම කළ හැකිය. 

ජනවාරියේ සිට මේ දක්වා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සියයට 9 කට පමණක් යැයි ද පැවැසෙයි. මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 4 පසු කර තිබේ.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom