ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරු යෑම තහනම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 2, 2021

ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරු යෑම තහනම්

ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන් ට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම් කළ බව සිංගප්පූරු COVID-19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය නිවේදනය කර තිබේ.

පසුගිය දින 14 ඇතුළත ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සිට පැමිණෙන සියලු දෙනාට අද (2) සිට  මෙම තහංචිය බලපැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි. මෙසේ තහංචි පැනවීමක් කර ඇත්තේ එම රටවල කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.

එපමණක් නොව, සිංගප්පූරුව හරහා වෙනත් ගුවන් යානාවලට ගොඩවීමට නියමිත ගුවන් මගීන්ට ද මෙම තහංචිය බලපැවැත්වෙනු ඇති බව ද සිංගප්පූරු COVID-19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය අවධාරණය කර තිබේ.

ඉදිරියේ දී ඉන්දියාව,  බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කිරීමට සූදානම් බවත් කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී. 

Channel News Asia

Classified_Ad

Classified_Ad_News_Bottom