ඉන්දියාවේ සිට ආවොත් වසර 5 ක් හිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 2, 2021

ඉන්දියාවේ සිට ආවොත් වසර 5 ක් හිරේ

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා හෝ ඕස්ට්‍රේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන් ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත් ඕස්ට්‍රේලියා රජය පවසා ඇත. 

තම රටේ පුරවැසියන්ට, ආපසු තම රටට පැමිණියහොත්, එය අපරාධයක් සේ සලකා, වසර 5 ක සිරදඩුවම් ලබා දීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව වන්නේ මෙය යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම හෙට (3) සිට ආරම්භ වන බව ඕස්ට්‍රේලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත. 

මෙසේ තහංචි පැනැවීමක් කළ ද ඉන්දීය කොරෝනා වසංගතය හමුවේ එරට කොටුවුණු ඕස්ට්‍රේලියානුවන් විශේෂ ගුවන් යානා යොදා ගනිමින් ගෙන්වා ගෙන, ඔවුන් රටට ඇතුළු කර ගැනීමට පෙර දින 14 ක විශේෂ නිරෝධායනයකට යොමු කිරීමට ද සැලැසුම් සකස් කරන බව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කර තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom